මිණිපුරයට ජය කැන්දන ප්‍රේමලාල් ජයසේකර අංක 13 විදුලි බල හා බලශක්ති නි.අමාත්‍ය ගරු ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා සාදරයෙන් පිලිගනිමු

පුවත් පත් වලින්

 රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකටි සංගමය මෙහෙය වන ලද ප්‍රේමලාල් ජයසේකර  13 න් පහළ අභියෝගතා කුසලාන තරගා වලියේ  ශූරතාවයන් පිළිවෙලින් සීවලී ම.ම.වි.හා රත්නපුර කුරුවිට ම.වි දිනා ගන්නා ලදී.

Displaying DSC08642.JPG Displaying DSC08646.JPG
Displaying DSC08653.JPG Displaying DSC08654.JPG
Displaying DSC08659.JPG Displaying DSC08682.JPG
Displaying DSC08685.JPG Displaying DSC08686.JPG

 

2013/12/15

මැති ඇමැතිවරුන්ගේ හයේ හතරේ පහරින් ටොරින්ටන් පිටිය රත්වෙයි
ඇමැතිවරුන් පරදවා මන්ත්‍රීවරු ජය ලබති

 පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන වාද විවාදවලදී එල්ලවන බවුන්සර්වලට හයේ හතරේ වාග් ප්‍රහාර දෙන්නාක් මෙන් නොව සැබවින්ම වේගවත්වත් පිති ප්‍රහාරයන් දුටු ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් අතර ක්‍රිකට් තරගයෙන් ඇමැතිවරු පරදා මන්ත්‍රීවරු කඩුලු 4ක ජයක් අත්කර ගත්හ.

තරගයේ දක්ෂතම පිතිකරු සම්මානය දිනා ගත් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරණායක මහතා හයේ පහර 9ක් හා හතරේ පහර 2ක් සමග පන්දු 28කදී ලකුණු 73ක් ලබා ගැනීම කැපී පෙනුණි. ඇමැතිවරුන්ගේ පිල වෙනුවෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ලකුණු 34ක් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලකුණු 32ක් ලබා ගත්හ. 

 

2013/12/14 

මැති ඇමැති ක්‍රිකට් හෙට

කතානායක චමල් රාජපක්ෂ අභියෝගතා ශූරතාවල සඳහා වාර්ෂිකව පවත්වන මැති ඇමැති ක්‍රිකට් තරගය මෙවරද ටොරින්ටන්හී ක්‍රීඩා දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයේදී හෙට පෙ.ව 9.30‍ට ආරම්භ වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක් කණ්ඩායමකටද, ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් අනෙක් කණ්ඩායමට එක්වන තරගයේ ඇමැති පිලේ නායකයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු කරයි. උපනායක සනත් ජයසූරිය, සුසිල් ප්‍රේමජයන්ත, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද අමරවීර, ප්‍රේමලාල් ජයසේකර, ඉන්දික බණ්ඩාරනායක, රෝහන දිසානායක, අර්ල් ගුණසේකර, ජගත් පුෂ්පකුමාර, රෝහිත අබේගුණවර්ධන, ලසන්ත අලගියවන්න, වියනාගමූර්ති මුරලිදරන් ඇමැති කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් වෙති.
පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායකත්වය අර්ජුන රණතුංග මහතා විසින් දරණ අතර ‍උපනායක ලෙස නාමල් රාපක්ෂ මහතා කටයුතු කරයි. රවී කරුණානායක, නෙරන්ජන් වික්‍රමසිංහ, අකිල විරාජ් කාරියවසම්, ලොහාන් රත්වත්තේ, හරීන් ප්‍රනාන්දු, තාරානාත් බස්නායක, එරික් වීරවර්ධන, දිලුම් අමුණුගම, කනක හේරත්, ෂෙහාන් සේමසිංහ සහ නලීන් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ක්‍රීඩා කරති.

2013/04/14   

සති දෙකකදී රත්නපුර දිස්ත‍්‍රික්කයේ පවුල් 1839කට විදුලිය

power opening RD


රත්නපුර දිස්ත‍්‍රික්කයේ කලවාන, රක්වාන, රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, බලංගොඩ සහ කොළොන්න මැතිවරණ බලප‍්‍රදේශවල මෙතෙක් විදුලිය පහසුකම් නොලැබූ දුෂ්කර ගම්මාන ඉලක්ක කරගනිමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මගින් ඉදිකළ තවත් විදුලි ව්‍යාපෘති සහ විදුලි දිගු 26ක්, මාර්තු 29 වන දින සිට අපේ‍්‍රල් 11 වන දින දක්වා වන දෙසතිය ඇතුළත ජනතා අයිතියට පත්කෙරිණි.

කොළොන්න මැතිවරණ බල ප‍්‍රදේශයේ පවුල් 980ක් ආවරණය වන පරිද්දෙන් රු. මිලියන 107.1ක මුල්‍ය පිරිවැයක් මත ඉදිකළ යක්මඩිත්ත විදුලි යෝජනා ක‍්‍රමය, විජේරිය උඩගම විදුලි යෝජනා ක‍්‍රමය, දාපනේ උතුර විදුලි යෝජනා ක‍්‍රමය, පැපොල්වත්ත (මහපැලැස්ස) මහබෑදිය විදුලි යෝජනා ක‍්‍රමය සහ කටුකුඹුර විදුලි යෝජනා ක‍්‍රමය, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගේ සහ නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට කැපකෙරිණි.

කලවාන මැතිවරණ බල ප‍්‍රදේශයේ පවුල් 331ක් වෙනුවෙන් ඉදිකළ දුල්ගල විතානගම විදුලි යෝජනා ක‍්‍රමය, කොස්ගුලන විදුලි යෝජනා ක‍්‍රමය, කොඩිප්පිලිකන්ද අතිරේක විදුලි දිගුව, ගලතුර වැලිමිරිය විදුලි දිගුව, සමන්පුර ඇල්ල පිටහේන විදුලි දිගුව, තපස්සරකන්ද මිටියගුලන විදුලි දිගුව, නිකගොඩ හල්ගහහේන සමූහ ගොවිපළ පාර විදුලි දිගුව සහ කුකුළේගම වන්නිගොඩ විදුලි දිගුව සඳහා වැයකළ මුදල රු. මිලියන 13.3කි.

රු. මිලියන 49.1ක් වැයකරමින් රක්වාන ආසනයේ ඉදිකළ තාලිගමයාය තෙළඹුගහ අතුර විදුලි යෝජනා ක‍්‍රමය, තැන්නයාය විදුලි යෝජනා ක‍්‍රමය, මස්ඉඹුල වැලවිටියාව උඩ කොටස විදුලි දිගුව, ගල්කුළුගොඩ යොවුන් ගම්මානය පාර විදුලි දිගුව, පොල්ලමුර බෙලිමාලියද්ද විදුලි දිගුව, නිකලන්දවත්ත කළුකන්ද විදුලි දිගුව සහ රංවල පිටකන්ද විදුලි දිගුව මඟින් පවුල් 329කට සෙත සැලසිණි.

රත්නපුර සහ පැල්මඩුල්ල ආසනවල වේවැල්වත්ත අස්සැද්දුම ලැයින් කාමර විදුලි දිගුව, පැළෑඳගම අලකොලදෙණිය විදුලි දිගුව, බෝපැත්ත මඩලගම විදුලි දිගුව සහ බුලත්වැල්ගොඩ අලූත් ගම්මානය විදුලි දිගු තුළින් පවුල් 34කට විදුලිය පහසුකම් සලසා තිබේ. මේ සඳහා දරන ලද පිරිවැය රු. මිලියන 2.4කි. රු. මිලියන 12.7ක ප‍්‍රතිපාදන මත නිවිතිගල ප‍්‍රදේශයේ ඉදිකළ පන්නිල දිගාන විදුලි යෝජනා ක‍්‍රමය මඟින් පවුල් 90කට විදුලි ආලෝකය ලැබිණි.

පවුල් 75ක් ආවරණය වන පරිද්දෙන් බලංගොඩ ආසනයේ ඉදිකරන ලද මැදබැද්ද නෙළුයාය පැරකුම්බායාය විදුලි යෝජනා ක‍්‍රමය, කුඹුරුතැනිවෙල අමුණුමුළුගම විදුලි දිගුව, හතරභාගය මෙගොඩ උඩගම විදුලි දිගුව, බෝම්බුව වතුකාරගොඩ විදුලි දිගුව, පුවක්ගහවාඩිය ෂෂ විදුලි දිගුව සහ විකිලිය වසම වළකුඹුර එගොඩවෙල මාර්ගයේ විදුලි දිගුව සඳහා වැයකළ මුදල රු. මිලියන 09කි.

මෙම විවෘතකිරීම් සඳහා කලවාන ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජානක වක්කුඹුර, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා සහ සනී රෝහණ අතුකෝරළ, සබරගමු පළාත් සභා අමාත්‍ය භාණු මුණිප‍්‍රිය යන මහත්වරුන්, ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරින් ඇතුළුව සබරගමුව පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් සහ ප‍්‍රාදේශීය දේශපාලන අධිකාරියේ නියෝජිතවරුද සහභාගි වූහ.




2013/05/05
විදුලි බිල වැඩිවීම කාගේවත් ඇඟේ ගහන්න බෑ...
 
 ප‍්‍රශ්නය:- අධික ජීවන බරෙන් මිරිකෙමින් කඩිනම් සහන හා වැඩි පඩි අපේක්ෂා කළ ජනතාවට ඉතිහාසයේ නොවූ ඉහළ මිලකින් හා ඉහළ ප‍්‍රතිශතයකින් විදුලි බිල වැඩි කිරීම ජනතාව තවත් අනාථ කිරීමක් බව ඔබ පිළිගන්නවාද?
පිළිතුර:- ආණ්ඩුවක් බඩු මිල හෝ විදුලි බිල වැඩි කිරීම් තුළින් ජනතාව අපහසුතාවට ලක් කරලා අප‍්‍රසාදයට පත්වීමට කැමැති නැහැ. ඒත් විදුලි හා බලශක්ති ක්ෂේත‍්‍රයේ පවතින උග‍්‍ර යථාර්ථය හමුවේ අපි අකමැති විවිධ තීන්දු ආණ්ඩුවක් ලෙස ගන්න වෙනවා. විදුලි මිල වැඩි කිරීමත් ඒ පදනමින් සිදුවූ දෙයක්. ගත හැකි විකල්පයක් නැතිවී බිත්තියටම හේත්තු වුණාම බරපතළ තීන්දු ගන්නම වෙනවා. මේක කැමැත්තෙන් කළ දෙයක් නෙවෙයි. ජනතාව මින් යම් ගැටලූකාරීත්වයකට මුහුණ දෙනවා ඇති. ඒත් විපක්ෂය හා ඇතැම් ජනමාධ්‍ය මේ තත්ත්වය උග‍්‍ර කරනවා. දේශපාලන වාසි මත පදනම්ව ඔවුන් මෙය විස්තර කරනවා. 
ජනතාව මඳක් කැළඹිලා ඉන්නේ ඒකයි. නමුත් ජනතාව බුද්ධිමත්. විපක්ෂයේ හා ජනමාධ්‍යවල නොමඟ යැවීම් තිබුණත් ආණ්ඩුව යන ගමන් මඟ නිවැරැදි බවට ජනතාව හැම ඡුන්දයකදීම අප දිනවලා ඔප්පු කර තිබෙනවා. ඒ නිසා එදා   බඩ ගැන මුලින් හිතූ ජනතාව දැන් රටත් අනාගතයත් රට බේරාගත් ආණ්ඩුවත් ගැන හිතලා විදුලි බිල ඇතුළු සියලූ තත්ත්වයන් ඉවසන බව ඒකාන්තයි. මන්ද මේ වේගවත් සංවර්ධනයේ ඉක්මන් ප‍්‍රතිලාභ ජනතාවටම ලැබෙන බව ඔවුන් දන්නවා.
 

 ප‍්‍රශ්නය:- ක්ෂණිකව විදුලි බිල වැඩි කිරීමට හේතු මොනවාද? හිටපු ඇමැති මාරු කරලා නව ඇමැතිනිය පත් කළ පසු ඇය කීවේ නොරොච්චෝලේ චීනයට විකිණීම මෙන්ම විදුලි බිලද වැඩි නොකරන බව නේද?
පිළිතුර:- නොරොච්චෝලේ මෙන්ම ඉහළ කොත්මලේ බලාගාර හදන්න චන්ද්‍රිකා ආණ්ඩුව වගේම 2001 එජාප ආණ්ඩුවත් පියවර ගත්තේ නැහැ. විවිධ බලවේගවලට ඒ ආණ්ඩු යට වුණා. මේ ජනාධිපතිතුමා හා ආණ්ඩුව ඒ බලාගාර දෙකම හැදුවා. ඒ පියවර ගත්තේ නැති නම් අද රට අඳුරේ.
විදුලි බිල හදිසියේ වැඩි කළේ නැහැ. විදුලි මණ්ඩලයේ මූල්‍ය අර්බුදයත් ළඟදී ඇතිවූ දෙයක් නෙවෙයි. හිටපු ඇමැතිතුමා මාරු කළේ මේ ඇමැතිතුමිය යටතේ බිල වැඩි කරන්නය කියන එක මම පිළිගන්නෙ නැහැ. ඇමැතිවරුන්ගේ විෂය පථය මාරු කරන්නේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිතුමාට ඇති බලතල හා අභිමතය අනුවයි.
 

 ප‍්‍රශ්නය:- ක්ෂණිකව විදුලිබිල වැඩි කළේ ඇයි කියලත් මම ඇහුවා?
පිළිතුර:- ඊට අදාළ පළල් පසුබිමක් තිබෙනවා. ජල විදුලිය හරහා නිෂ්පාදනය කරන ඒකකයක් තවම ඉතා අඩු මුදලට ලැබෙනවා. ඒකකය රු. 05 ක් විතර වෙනවා. ඒත් ජලය හිඟ කාලෙට නියං කාලෙට ජල විදුලිය නිෂ්පාදනය පහළ යනවා.
 

 ප‍්‍රශ්නය:- ජලය හිඟයට වඩා විදුලි මණ්ඩලය හා මණ්ඩලයට අනුබද්ධ සමාගම්වල සිටින අය ආණ්ඩුව දැන හෝ නොදැන ජලාශවල ජලය මුදාහැර  තම සමාගම් යටතේ නිපදවන විදුලිය මණ්ඩලයට විකුණනවාලූ නේද?
පිළිතුර:- ඒක මම ප‍්‍රතික්ෂේප කරනවා. විදුලි මණ්ඩලයට  ඕනෑ විදියට ජලාශවල ජලය මුදා හරින්න බැහැ. ඒක වාරිමාර්ග අමාත්‍යංශය හා මහවැලියේ ඉංජිනේරුවො ගත යුතු තීන්දුවක්. ජලාශයක ජලය වැඩිවුණාම වාං දාන්න පෙර දොරටු එකිනෙක විවෘත කරනවා. ඒක ඉංජිනේරු කි‍්‍රයාවලියක්.
 

 ප‍්‍රශ්නය:- ඒත් විදුලි මණ්ඩලයේ අය හා මහවැලියේ අය එකමුතුවෙලා ජලය මුදා හැරලා තාප බලාගාරවලින් විදුලිය අරන් ඔවුන් එහිදී විශාල කොමිස් මුදලක් ලබා ගන්නා බවට චෝදනා තිබෙනවා නේද?
පිළිතුර:- එහෙම එකක් තියෙනවද කියල මම දන්නෙ නැහැ. ඔය කතාව ඇත්ත නම් ඒක ඉතා බරපතලයි. ඇමැතිතුමිය හා එකතුවෙලා එවැනි කුමන්ත‍්‍රණ තිබේද කියල සොයා බලන්නම්.
විදුලිය මිල වැඩි කිරීමට හේතු ඔබ ඇහුවා. අඩු මුදලට නිපදවිය හැකි ජල විදුලිය දැන් පවතින නියඟය නිසා අවම වී තිබෙනවා. ඒක ගැටලූවක්. අනික ගල් අඟුරුවලින් දුවන නොරොච්චෝලේ බලාගාරවල තාක්ෂණික ගැටලූ ඇතිවීම තවම ඉඳහිට සිදුවෙනවා. ඒ නිසා රු. 10 කට අඩුවෙන් ලබාගත හැකි විදුලි ඒකකවල යම් හිරවීමක් ඉඳහිට ඇතිවීමත් යම් ගැටලූවක්. ඞීසල් බලාගාරවලින් විදුලිය නිපදවීමත් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීමේදී යම් ඉහළ මිලක් ගෙවන්න වෙනවා. අද මැද පෙරදිග පවතින අර්බුද හා ඉන්ධනවලට ඉහළ මිලක් ගෙවීමට සිදුවීමත් ඊළඟ ගැටලූවයි.
විදුලි නිෂ්පාදනයේදී ආණ්ඩුව විශාල සහනයක් එම ක්ෂේත‍්‍රයට මෙතෙක් ලබාදුන්නා. ඒත් ඒක දිගටම කරන්න බැරි තත්ත්වයක් තිබෙනවා. නමුත් තවම වසරකට රු. කෝටි 2500ක් විතර ආණ්ඩුව බර දරනවා. අනික ජනතාවට විදුලිය ලබාදීමේදී මණ්ඩලය විශාල ලෙස ණයවී තිබෙනවා. ණය බර අවම කර නොගත්තොත් මණ්ඩලය හා ක්ෂේත‍්‍රයම කඩා වැටීමක් වෙන්නත් බැරි නැහැ. වහළ ඔළුව උඩට කඩා වැටෙන්න කලින් වහළ අලූත්වැඩියා කර ගැනීම හොඳ නැද්ද?
 

 ප‍්‍රශ්නය:-එහෙත් විදුලිබල මණ්ඩලය තුළ ඇති ඉහවහා ගිය නාස්තිය, දුෂණය, අකාර්යක්ෂමතාව, සැලසුම්ගත නොවීම හා විදුලිය මිලට ගැනීමේදී මණ්ඩලයේ අය දේශපාලන ආවරණය සහිතව රුපියල් කෝටි ගණන් කොමිස් ගැනීම ආදිය විදුලි බිල වැඩිකිරීමට හේතු බවට එල්ලවෙන චෝදනා ගැන ඔබ මොකද කියන්නේ?
පිළිතුර:-රකම, දුෂණය, වංචාව, නාස්තිය කියන දේවල් මිනිස්සු මේ ලෝකයේ ඉපදුන දවසේ ඉඳලා පවතිනවා. ඒත් විදුලිබල මණ්ඩලයේ ඔය කියන තරම් නාස්තිය, දුෂණය, අකාර්යක්ෂමතාවක් තියෙනවා කියල මම හිතන්නෙ නැහැ. යම් දේවල් සිදුවෙනවා ඇති. ඒත් කියන තරමේ දේවල් සිදුවෙන බව මම හිතන්නෙ නැහැ. 
නාස්තිය දුෂණයට වඩා මණ්ඩලයට විදුලිය ඒකකයක් වෙනුවෙන් ඉහළ පිරිවැයක් දරන්න සිදුවීම මේ මිල වැඩි කිරීමට ප‍්‍රධාන හේතුවයි. ඒක මම ඉහතදී පැහැදිලි කළා. අනික මණ්ඩලය මහජන බැංකුව ඇතුළු තැන් කිහිපයකින් විශාල ණය අරන් තියෙනවා. රු. බිලියන 79ක් විතර මණ්ඩලය ණයයි. ඉන් බිලියන 40 ක් විතර උපයලා ණය ගෙවීම කරන්නයි මේ මිල වැඩි කිරීම කළේ. නාස්තිය දුෂණය නිසාම මණ්ඩලය ණය වුණා කියන එක පිළිගන්න අමාරුයි.
විදුලි මණ්ඩලයට යම් ජාතික උත්සවවලට සම්බන්ධ වෙන්න වෙනවා. ඒවාට කර ඇරීමේ හැකියාවක් නැහැ. ඒ කටයුතුවලට යම් මුදලක් වැයවෙනවා. ඒක වළක්වන්න බැරි දෙයක්. ඒවා නාස්තිවලට වඩා ආයෝජන හා මණ්ඩලයේ ජාතික හවුල්කාරීත්වය පිළිබිඹු කිරීමක්. එවැනි කටයුතු පවා හැකිතාක් අවම කරගෙන කි‍්‍රයා කරන්න හිටපු ඇමැති චම්පික රණවක උත්සාහ කළා. තවත් බොහෝ වෙනස්කම් කරලා මණ්ඩලය මුදල් අතින් ශක්තිමත් කරන්න, පවතින ගැටලූ අවම කරන්න පවා එතුමා උත්සාහ කළා. ඒත් ගැටලූව වෙන්නේ මණ්ඩලයට ඉලක්ක ගත වැඩ පිළිවෙළකට මීට කලින් යාමට නොහැකිවීමයි. නොරොච්චෝලේ නිතර කැඩෙන බවට චෝදනා ආවත් ඒ හරහා ලැබෙන මෙගා වොට් 300ක් නැත්නම් ඒ විදුලියත් අපට ඞීසල් බලාගාරවලින් ගන්න වෙන්නේ. එහෙම නම් තවත් පිරිවැයක් යනවා. ඊළඟට ඉහළ කොත්මලේ මෙගාවොට් 150ක් ලැබෙනවා. ඒකත් නැති නම් ඒ විදුලියත් ඞීසල්වලින් නිපදෙව්වා නම් කොච්චර මුදලක් වැය වෙනවද? නොරොච්චෝලේ ඊළඟ අදියර දෙක ඉක්මනින් නිමකළාම ඒ හරහා විශාල වාසි ලැබෙනවා. මොකද ගල් අඟුරුවලින් විදුලි ඒකකයක් නිපදවන්න යන්නේ රු. 10ටත් අඩු මුදලක්. මෙවැනි මිල අඩු විදුලි ඒකක නිපදවිය හැකි තවත් විකල්ප බලශක්ති නිපදවීම ගැන අවධානය දක්වලා ඒක සාර්ථක කරගත්තොත් තමයි අපට සාර්ථකව මේ අභියෝගය ජයගන්න ලැබෙන්නේ.
 
 

 ප‍්‍රශ්නය:- එජාප යුගයේ වසර 17ට බලාගාර 11ක් හැදුවත් 94 සිට මේ දක්වා මේ ආණ්ඩුව තැනුවේ බලාගාර 03 යි. නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ හා කෙරවලපිටිය පමණයි. මේකත් යම් පසුබෑමක් නේද? සාම්පූර් ගල්අඟුරු බලාගාරය ගැන කතා කළාට තවම පස් පිඩැල්ලක්වත් කපල නැහැ නේද?
පිළිතුර:- එජාප යුගයේ ජල විදුලි බලාගාරයි හැදුවේ. ඒක වැරැුදියි කියනවා නෙවෙයි. ඒත් විකල්ප විදුලිය නිපදවීම ගැන ඔවුන් හිතුවෙ නැහැ. සුළං, ගල් අඟුරු ඇතුළු විකල්ප ක‍්‍රම හිතුවෙ නැතිවීම ගැටලූවක්. න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීම ගැන නම් තවම ලංකාවට හිතන්න ටිකක් අමාරුයි. ඒත් අපි කැමැති වුණත් නැතත් යම් අනතුරුදායක පසුබිමක් තිබෙනවා කිව්වත් අනාගතයේදී අපට ඒ පැත්තත් බලන්න වේවි. හිටපු ඇමැතිතුමා විකල්ප විදුලිය ගැන අවධානය යොමු කළා. නාස්තිය දුෂණය අවම කරන්නත් උත්සාහ කළා. පසුගිය කාලයේ ඉන්ධන ගැළපුම් ගාස්තු මණ්ඩලය ජනතාවගෙන් අය කළේ නැහැ. භාණ්ඩාගාරයෙන් ඒක ගත්තේ. ඒත් ජනතාව ඒ ගැන දැනුවත් නැහැ. ඒ ගැළපුම් ගාස්තු අතහැරීම නිසාත් මණ්ඩලයට ජනතාවගෙන් ලොකු මුදලක් අහිමි වුණා. පාඩු විඳගෙනයි අපි ජනතාවට විදුලිය දුන්නේ. 
 

 ප‍්‍රශ්නය:- එහෙත් මෙවර දුප්පතුන්ට හා මැද පන්තියේ අසරණ ජනතාවට අධික ප‍්‍රතිශතයකින් විදුලි බිල වැඩිකරලා කෝටිපතීන්ට 01%ක ඉතා සුළු මිල වැඩිවීමක් කිරීමට ආණ්ඩුව කි‍්‍රයා කිරීම සදාචාරාත්මකද? දුප්පතා තවත් නන්නත්තාර කිරීමට ආණ්ඩුව උත්සාහ කිරීමේ අරමුණ කුමක්ද?
පිළිතුර:- ඒ තර්කය ප‍්‍රතික්ෂේප කරනවා. මේ ආණ්ඩුව දුප්පතුන්ට බර පටවා පොහොසතුන්ට සහන දුන් බවට ඇති තර්කය පිළිගන්න අමාරුයි. පොහොසතුන්ට මීට කලින් විදුලිය මිල වැඩි කළා. ඒකක 120ට අඩුවෙනුයි සාමාන්‍ය අය විදුලිය පාවිච්චි කරන්නේ. මණ්ඩලයට ආදායමක් ලබාගන්න නම් අකමැත්තෙන් හරි ඒ පැත්ත බලන්න වෙන බවයි මණ්ඩලයට උපදෙස් ලැබුණේ.
ඉහළ විදුලි පාවිච්චියකට යන්නේ කම්හලක්, වැඩ පළක් වගේ යම් නිෂ්පාදන ආයතනයක්. ඒවාට ලොකු මුදලක් වැඩි කළොත් නිෂ්පාදනය අඩු වෙනවා. අපනයනය අඩු වෙනවා. අන්තිමේ රැකියාත් නැතිවේවි. එහෙම වුණොත් රටේ ආර්ථිකය වැටෙනවා. ආණ්ඩුවකට එතැනට යන්න බැහැ.
 
 
 ප‍්‍රශ්නය:- මම ප‍්‍රශ්න කළේ සුපිරි පන්තියේ නිවාසවලට 01%ක අඩු ප‍්‍රතිශතයකින් විදුලි බිල වැඩිකර දුප්පතුන්ට 126%ක විශාල  බරක් පැටවීම ගැනයි. කර්මාන්තවලට මෙවර වෙනමම වැඩිකර තිබෙනවා?
පිළිතුර:- ඔය කියන සුපිරි පන්තියට මීට කලින් වැඩිකළා. ජනතාවට බර නොපැටවීම කාගේත් අදහසයි. ඒත් ඊට විකල්ප ක‍්‍රමයක් නැහැ. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඊළඟ අදියර මේ වසරේ අන්තිමට තව මෙගාවොට් 300ක් එකතු කරාවි. එවිට යම් සහනයක් දීම ගැන අවධානය දක්වන්න ලැබේවි කියල හිතනවා. එහෙම නොවී ජනතාවට විදුලිය පැත්තෙන් ක්ෂණිකව සහන දෙන්න ඇති හැකියාව අඩුයි. සාම්පූර් ගල් අඟුරු බලාගාරයටත් අපි අත ගහනවා. එහෙම නොවුණොත් විදුලි අර්බුදය තව උග‍්‍රවේවි. නොරොච්චෝලේ ඊළඟ අදියර 02 ක හැදුණාම ජනතාවට යම් සහන දෙන්න ලැබේවි. සාම්පූර් ආවාම එය තවත් පහසුවේවි. එහෙම නැතුව කෙටි කාලීනව විදුලි සහන දීමේ හැකියාවක් නම් පේන්නෙ නැහැ. මොකද මණ්ඩලය රුපියල් බිලියන ගණන් ණයයි. මුලින් ඒවා බේරාගන්නත් තියෙනවා. 91%ක් ජනතාවට අඛණ්ඩව විදුලිය දෙන්න අපි කි‍්‍රයා කළ බවත් අමතක කරන්න නරකයි.
 
 ප‍්‍රශ්නය:- මෙම විදුලි මිල වැඩි කළේ හිටපු ඇමැති රණවක සකස් කළ යෝජනා මත බව වත්මන් ඇමැතිනි පවිත‍්‍රා කියනවා. එය අමූලික බොරුවක් බව ඇමැති චම්පික දැඩි ප‍්‍රහාර එල්ල කළා. දෙදෙනාගේම නියෝජ්‍ය ඇමැති ලෙස ඔබ මොකද කියන්නේ.
පිළිතුර:- මේ මිල වැඩි කිරීම එක එක්කෙනාගෙ ඇෙඟ් ගහන්න නරකයි. විදුලිබල මණ්ඩලයේ අධික පාඩු පියවා ගැනීමට මණ්ඩලයේ ඉල්ලීම මත මහජන උපයෝගිතා කොමිසමේ මැදිහත්වීමෙනුයි මිල වැඩි කිරීමේ නිර්දේශය ආවේ.


2011 දෙසැම්බර් 16  සිකුරාදා
අයිති නැති ගොඩනැඟිලිවලටත්
විදුලිය කෝටි 1 1/2 ක්‌ කුලී ගෙවලා


අජිත් අලහකෝන් - අකිත පෙරේරා

අමාත්‍යාංශයට අයත් නොවන ගොඩනැඟිලි වෙනුවෙන් විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය පසුගිය මාස දහය (ජනවාරි - ඔක්‌තෝබර්) සඳහා රුපියල් එක්‌කෝටි හතළිස්‌ ලක්‍ෂ අසූ හත්දහස්‌ හාරසිය හතළිස්‌ හයක්‌ කුලී ලෙස ගෙවා ඇතැයි විදුලිබල හා බලශක්‌ති නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා ඊයේ (15 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එකී ගොඩනැගිලි සඳහා 2010 වසරේදී රුපියල් එක්‌කෝටි හැටඑක්‌ ලක්‍ෂ තිස්‌දහස්‌ හයසිය හතළිස්‌ හතරක කුලියක්‌ ගෙවා තිබෙන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

වසර පහක්‌ සඳහා කුලියට ගෙන තිබෙන මෙම ගොඩනැඟිලි සඳහා පසුගිය ජුනි මස දක්‌වා ගෙවා තිබෙන්නේ වර්ග අඩියකට වැට්‌ රහිතව රුපියල් 67.89 ක බදු මුදලක්‌ වන අතර ඉන්පසු එය රුපියල් 76.04 දක්‌වා ඉහළ දැමූ බවද හෙතෙම කීය.

එමෙන්ම අමාත්‍යාංශය 2011 වසර සඳහා වාහන කුලියට ගැනීම වෙනුවෙන් රුපියල් දොළොස්‌ ලක්‍ෂ අසූ දෙදහස්‌ නවසිය පනස්‌ දෙකක්‌ වැයකර ඇතැයි කී නියෝජ්‍ය ඇමැතිවරයා අමාත්‍යාංශය සතුව 2011 වසරේ පවතින වාහන 59 න් වාහන 04 ක්‌ කුලියට ලබාගත් වාහන බවද කීවේය.

අමාත්‍යාංශ ගොඩනැඟිලි පරිශ්‍රය අලංකරණය සඳහා බාහිරින් ලබාගන්නා පවිත්‍රතා සේවාව වෙනුවෙන් රුපියල් දසලක්‍ෂ විසිඅටදහස්‌ එකසිය හැටක්‌ වසරකට ගෙවන බවද ගොඩනැඟිලි පරිශ්‍රය අලංකරණය වෙනුවෙන් වසරකට රුපියල් අනූඑක්‌දහස්‌ අටසියක පිරිවැයක්‌ දරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

කොළඹ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා ඉහත ප්‍රකාශය කළේය.

2011/10/07
21000 ක් වන පළාතේ සියළු ගුරු මහත්ම මහත්මීන්ට ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ 4690 ක් වූ සියළු හිඟ වැටුප් එකවර ගෙවමින් සබරගමුව පළාත් සභාව ලෝක ගුරු දින උළෙල සමරයි. ඇතමෙකු අතට රුපියල් ලක්ෂ හතරක තරම් හිඟ මුදලක්. (2011.10.07)
විසි එක් දහසක් පමණ වන සබරගමුව පළාතේ සියළුම ගුරු මහත්ම මහත්මීන්ට මෙතෙක් ගෙවිය යුතුව තිබූ සියළු හිඟ වැටුප් එකවර ගෙවමින් සබරගමුව පළාත් සභාව ලෝක ගුරු දිනය සමරයි

ලෝක ගුරු දිනය නිමිත්තෙන් සබරගමුව පළාත් සභාව පළාතේ අධ්‍යාපන කලාප මට්ටමින් ගුරු උපහාර උළෙල හතක් සංවිධානය කර ඇති අතර එහි සමාරම්භක උළෙල අද (07) නිවිතිගල කලාපයේ සුමන මහා විද්‍යාලීය ශාලාවේ සංවිධානය කර තිබුණි.

සබරගමුව පළාතේ පාසල් 1107 ක දූ දරුවන් තුන් ලක්ෂ හැටහත්දහසක් පමණ ඉගෙනුම ලබති.

පළාතේ පාසල් වල සමස්ථ ගුරු සංඛ්‍යාව විසි එක් දහසක් පමණ වේ.

මෙවර ගුරු දිනය නිමිත්තෙන් කලාප මට්ටමින් ගුරු උපහාර උළෙල සංවිධානය කළ යුතු යැයි පළාත් මහ ඇමති සහ අධ්‍යාපන විෂය භාර අමාත්‍ය මහීපාල හේරත් මහතා උපදෙස් දී තිබිණි.

එහි සමාරම්භක අවස්ථාව වූ අද නිවිතිගල අධ්‍යාපන කලාපයේ මෙවර සාමාන්‍ය පෙළ ඉතා ඉහල ප්‍රතිඵල සඳහා දායක වූ සහ පාසලට පැමිණීම ඇතුළු සේවයට කැප වූ නිවිතිගල කලාපයේ පාසල් 76 කගුරු මහත්ම මහත්මීන් 367 දෙනෙකුට උපහාර පිදීම නිවිතල සුමන මහා විද්‍යාලීය ශාලාවේදී පැවැත්විණි.

එම කලාපයේ සමස්ථ පාසල් සංඛ්‍යාව 142 කි. ගුරු මහත්ම මහත්මීන් 2296 දෙනෙකු නිවිතිගල අධ්‍යාපන කලාපයේ පාසල් 142 ක සේවය කරති. එම කලාපයේ සමස්ථ ශිෂ්‍ය සංඛ්‍යාව 37985 කි.

මෙහිදී මහ ඇමති මහීපාල හේරත් මහතා සඳහන් කළේ වසර 2005 දී දිවයිනේ සමස්ථ අධ්‍යාපන කොට්ඨාශ 97 අතුරින් අපොස සාමාන්‍ය පෙල ප්‍රතිඵල වලට අනුව නිවිතිගල අධඨාපන කලාපය 77 වන ස්ථානය දක්වා පසුබෑමට පත්ව තිබූ බවය. එකල එම කලාපයේ ගුරු හිඟය 300 ඉක්මවීය .එහෙත් රත්නපුර දිස්ත්‍රික්කයේ 4000 කට වැඩි ගුරු හිඟය අවසන් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට නිවිතිගල අධ්‍යාපන කලාපයේ අපොස සාපෙළ ප්‍රතිඵල මහත් පිම්මක් පැන පෙරට පැමිණ ඇතැයි කී මහ ඇමතිවරයා එහි ගෞරවය සමස්ථ ගුරු පරපුරටත් විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන පරිපාලකයින්ටත් හිමිවන බව කීය. සබරගමුවේ විසි එක් දහසක් පමණ වන සමස්ථ ගුරු සංඛ්‍යාව සඳහා හිඟ වැටුප් ගෙවීමට රුපියල් මිලියන හාරසිය හැට නවයක් අවශ්‍යව තිබුණි. එම මුළු මුදලම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සබරගමුව පළාත් සභාවට ලබා දුන් බව කී මහ ඇමතිවරයා මෙවර මාසික වැටුප්පත සමඟ එම සමස්ථ හිඟ මුදලම සබරගමුවේ සියළුම ගුරු මහත්ම මහත්මීන්ට ගෙවා අවසන් කරන බවද කීය.


කොඩිප්පිලිකන්ද විදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියට 

2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, කොඩිප්පිලි කන්ද විදුලි යෝජනා ක්‍රමය විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පැවරීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් සිදු කෙරිණි.
මෙම විදුලි යෝජනා ක්‍රමය අධිසැර රැහැන් මග කිලෝමීටර 3.6කින් ද අඩුසැර රැහැන් මග කිලෝමීටර 3.9කින් ද සමන්විත වන අතර කොඩිප්පිලිකන්ද විදුලි යෝජනා ක්‍රමය මගින් ප්‍රදේශයේ පවුල් 250කට පමණ සෙත සැලසෙනු ඇතැයි අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
සැමට විදුලිය ව්‍යාපෘතිය යටතේ විදුලමු ලංකා වැඩසටහනට සමගාමී ව ක්‍රියාත්මක කළ විදුලි  යෝජනා ක්‍රමය සඳහා රු. මිලියන 16ක් පමණ වැය වී තිබේ.
මෙම අවස්ථාව සඳහා විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක මහත්වරුන් ඇතුළු ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


 2011/02/20

නිවිතිගල ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හංගමුවේ පිටර්හේන ගම අතිශය දුෂ්කර ගම්මානයකි. එම ගම්මානයට යාමට බසයෙන් ගොස් කිලෝමීටර හයක් පමණ පයින් ගමන් කිරීමට ද ගම්මුන්ට සිදුවේ. එම ගම්මානයට කාලයක් විවිධ දේශපාලන බලවතුන් ආ ගිය ද විදුලි බලය ලබා දීමට කටයුතු කැර නොතිබිණි. බොහෝ කාලයට විදුලිය ලබා දීම දේශපාලන පොරොන්දුවක් පමණක්ම වීය.
මේ නිසා මෙවර විදුලිබල නියෝජ්‍ය ඇමැති පේ‍්‍රමලාල් ජයසේකර හංගමුවේ පිටර්හේන ගම්මානයට විදුලිය ලබා දීමට පියවර ගෙන තිබිණි. එම ගම්මානයේ විදුලිය විවෘත කිරීම සිදුවූයේ ගිය සතියේය. පිටර්හේන ගම්මානයට ඇමැතිවරයාට යාමට සිදුවූයේ තම නිල රථයෙන් ගොස් තවත් කිලෝමීටර දෙකක් පමණ පයින් ගමන් කිරීමෙනි.
“මේ ගම්මානයට ලයිට් දුන්නේ ටී. වී. බලන්නයි ලයිට් දාගෙන ඉන්නයි නෙමෙයි. ජනාධිපතිතුමාගේ දර්ශනය ඒක නෙමෙයි. අපේ දරුවෝ කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන නිසා ඔවුන්ගේ ඇස්වලට හානි වෙලා තියෙනවා. සමර දරුවන්ට කුප්පි ලාම්පු දැල්ල නිසා රෝගාබාධ ඇතිවෙලා තියෙනවා. ඒ නිසා අපේ දරුවන්ගේ ජීවිත පහසු කරන්නයි ගමට ජනාධිපතිතුමා විදුලිය දෙන්න උපදෙස් දීලා තියෙන්නේ.” නියෝජ්‍ය ඇමැති පේ‍්‍රමලාල් ජයසේකර කියා සිටියේය.
“අද ගමේ ඡන්දය අබියස අපි ඉන්නේ. එජාපයට ජවිපෙට ගම මතක් වෙන්නේ ඡන්දය වේලාවට. හැබැයි ජනාධිපතිතුමාගේ රජය හැමදාම ගමට සැලකුවා. ගම අමතක කළේ නෑ. ගමේ පාරවල් කොන්ක්‍රීට් වුණා. එතකොට අපි වැඩිපුරම දුෂ්කර ගම්මානවලට විදුලිය දෙන්නේ ඒ ගම්මාන දියුණු කරන්න. ගම සංවර්ධනය කර රට සංවර්ධනය කිරීම අපේ රජයේ අරමුණයි.” නියෝජ්‍ය ඇමැති පේ‍්‍රමලාල් ජයසේකර ජනතාව හමුවේ කියා සිටියේය.
මේ අතර මේ දිනවල නියෝජ්‍ය ඇමැති පේ‍්‍රමලාල් ජයසේකර රත්නපුර දිසාවේ විදුලි ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කරමින් සිටී. එමෙන්ම ප්‍රාදේශීය සභා සහ නගර සභා එජනිස අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරීම සඳහා දිනකට දේශපාලන රැස්වීම් දහයක් පමණ ඇමැතීමට ද ඔහුට සිදුව තිබේ.