මිණිපුරයට ජය කැන්දන ප්‍රේමලාල් ජයසේකර අංක 13 විදුලි බල හා බලශක්ති නි.අමාත්‍ය ගරු ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා සාදරයෙන් පිලිගනිමු

මගෙන් ඔබට

මගෙන් ඔබට

 

කොළඹ විදුලිය විසන්ධි වී “තත්පර 07ක්” ඇතුළත නැවත විදුලිය කොළඹ නගරයට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට හැකිවන සේ හදිසි විදුලි විසන්ධිවීමක දී වුව ද තත්පර 07ක් වැනි කෙටි කාලයක දී විදුලිය නැවත ‍ලබා දෙන කොළඹ නගර විදුලි බෙදාහැරීම් සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කල බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය කියයි.
මණ්ඩලය විසින් ආරම්භ කරන ලද කොළඹ නගර විදුලි බෙදාහැරීම් සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ජනතාවට විශේෂ සේවාවන් ලබාගැනීමේ පහසුකම සලසමින් එය නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අතින් ජනතා අයිතියට පත් කර තිබේ.
කැලණිතිස්ස එළිමහන් වහරු මධ්‍යස්ථානයේ භාවිත කළ පැරණි උපකරණ වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් ගෘහස්ත ද.වො. 132 වායු පරිවාරක වහරු මධ්‍යස්ථානයක් සහ කොළොන්නාව වහරු මධ්‍යස්ථානයට නව උපකරණ හා අලුතෙන් වහරුවක් සවිකිරීම සිදුකර ඇත. කැලණිතිස්ස නව වහරු මධ්‍යස්ථානයේ සිට කි.මී. 02ක් දුරට කි.වො. 132 යටිබහන් පද්ධතියක් (underground cable) කොටහේන නව ප්‍රාථමික උපපොළ දක්වාත්, කොළොන්නාව වහරු මධ්‍යස්ථානයේ සිට කි.මී. 6.7ක් දුරට 132 යටිබහන් පද්ධතියක් කොටහේන නව ප්‍රාථමික උපපොළ දක්වාත් ඉදිකර ඇත. ද.වො. 11 නව යටිබහන් කි.මී. 52ක් සංයුක්ත බෙදාහැරීම් උප පොළවල් 38ක්, අඩුසැර යටිබහන් කි.මී. 08ක්, බෙදාහැරීම් පුවරු 72ක් සහ 16 MVA තරාපැවියක් යොදා ප්‍රාථමික උපපොළ සංවර්ධනය කර ඇත.
මෙම නව ව්‍යාපෘතිය මඟින් විදුලිය විසන්ධි වී තත්පර 07ක් වැනි කෙටි කාලයක දී විදුලිය නැවත ලබාදීමට හැකියාව ඇතැයිද අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටී.

 2012/02/22
(‍කොළඹ -ලංකාපුවත්) රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 17 කට අයත් ග්‍රාම නිළධාරී වසම් 575ක්  කඩිනමින්  සංවර්ධන කිරීම සඳහා මෙම වසර තුළ රුපියල් දස ලක්ෂ 1603 ක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි .
අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද(22) පැවති ‘එක ගමකට එක වැඩක් යටතේ’ ගම නැගුම 2012 වැඩසටහන් රැස්වීමේදීය.
මෙම සංවර්ධන කටයුතු තුළින් දිස්ත්‍රික්කයේ නාගරික ජනතාව පමණක් නොව 81% ක් වන ග්‍රාමීය ජනතාවද 10% ක් වන වතු ජනතාව ඇතුළු  දිස්ත්‍රික්කයේ 1,098,808 ජනතාවටම සෙත සැළසෙන බව  පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා දිස්ත්‍රික්කයේ ජනගහණයෙන් 43%ක් වන සමෘද්ධීලාභී පවුල්වල ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට සහ 5%ක් වන විරැකියා අනුපාතය පහත දැමීමට මෙමගින් හැකි වන බව ප්‍රකාශ කළේය.
මෙම රැස්වීමට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ.සෙනවිරත්න, තාක්ෂණ හා පර්යේෂණ ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි,විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරු රැසක් සහභාගී වුහ.

ලංවිම දීර්ඝ සේවා තිළිණ ප්‍රදානය අද



CEB logo

ලංකා විදුලිබල මණ්ඩලයේ වසර 30ක සේවා කාලයක් සපුරා ඇති නිලධාරීන් වෙනුවෙන් දීර්ඝ සේවා තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (06) පැවැත්වේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙය පැවැත්වේ.

 

නොරොච්චෝලෛ බලාගාරය දින 35 ක් වසන්නට වුණා - ප්‍රේමලාල් ජයසේකර


altනොරොච්චෝලෛ තාප විදුලි බලාගාරය විවෘත කළ දින සිට මේ දක්වා විවිධ අවස්ථාවන් හි දී දින 35ක කාලයක් අක්‍රීය ව පැවති බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 20වැනි දා පැවති පාර්ලිමේන්තු සැසිවාරයේ දී ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක නැගූ පැනයකට පිළිතුරු ලේඛනය ඉදිරිපත් කරමිනි.
එයට හේතු වශයෙන් අමාත්‍යවරයා සඳහන් කළේ සැලසුම් සහගත හා සැලසුම් සහගත නොවන නඩත්තු කටයුතු හා ගල් අඟුරු සැපයීමේ ප්‍රමාදය ඊට බලපෑ බවයි.
අවස්ථා කිහිපයක දී තාක්ෂණික හේතූන් මත එය වසා දැමීමට සිදු වුව ද යළි එය යථා තත්ත්වයට පත් කිරීමට කොන්ත්‍රාත්කරුවන් හා විදුලිබල මණ්ඩලය කඩිනම් පියවර ගත් බව ද අමාත්‍යවරයා අදාල ලේඛනයේ දක්වා ඇත.

 

ම්බන්තොට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ජනතා අයිතියට


ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

දෛනිකව වැඩිවන විදුලි ඉල්ලූමට සාපේක්ෂව විදුලිය උත්පාදන හැකියාව සංවර්ධනය කිරීමේ අරමුණින්  කොරියානු රජයේ ආධාර මත හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ  ගොන්නෝරුව ප‍්‍රදේශයේ ස්ථාපිත ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ජාල සම්බන්ධිත සූර්යබල ව්‍යාපෘතිය, මෙම මස 08 දින පෙ.ව. 10.30ට විදුලිබල හා බලශක්ති අමාත්‍ය  පාඨලී චම්පික රණවක සහ විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර යන මහත්වරුන්ගේ  ආරාධනයෙන් කථානායක චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ යන මැතිතුමන්ලාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.

කිලෝවොට් 500ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය රු. මිලියන 412ක කොරියානු රජයේ ආධාර මත හම්බන්තොට ගොන්නෝරුවේ ස්ථාපිත කර තිබේසැමට සැමවිට විදුලිය සංකල්පය යටතේ පුනර්ජනනිය බලශක්ති ප‍්‍රභවයන් වෙත අවතීර්ණ වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් මෙම සූර්යබලශක්ති ව්‍යාපෘතිය මෙහෙයවනු ලැබේ.

මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපිත කිරීම තුළින් දිනකට කිලෝවොට් පැය 2300ක් විදුලිය ජනනය කළ හැකි අතර වාර්ෂිකව මෙම අගය අටලක්ෂ තිස්නවදහස් පන්සියයකි. මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම තුළින් ඉන්ධන විදුලි උත්පාදනය සීමා කළහැකි අතර ඒ තුළින් වසරකට ඞීසල් ලීටර් ලක්ෂ දෙකක් ඉතිරි වේ. එසේම ඉන්ධන දහනය තුළින් සිදුවන්නාවූ පරිසර දූෂණ තත්ත්වයන්ද අවම වන අතර ඉන්ධන දහනය තුළින් මුදාහරිනු ලබන කාබන් ටොන් 300ක් පමණ නිකුත්වීම වළක්වා ගතහැකිවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.

හම්බන්තොට
බරුතකන්දේ ඉදිවන මෙම සූර්යබල උද්‍යානය තුළින් බලශක්ති ක්ෂේත‍්‍රයට සක‍්‍රීය දායකත්වයක් සැපයෙන බව සඳහන් කරන විදුලිබල අමාත්‍යාංශය, 2012 වසර වනවිට දිවයිනේ විදුලියනය 100%ක් බවට පත්කිරීමටද මෙමගින් මහඟු දායකත්වයක් සැපයෙන බව අවධාරණය කරයි.

කොරියානු
ජනරජයේ තානාපති චොයි ජොන්ග් මූන් මහතා ඇතුළු හම්බන්තොට දිස්ත‍්‍රික් දේශාපලනාධිකාරියේ සහභාගීත්වයෙන් මෙම විවෘත කිරීමේ අවස්ථාව සිදුවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමත්‍යාංශය පවසයි.




ජනපති සහ විදුලි සේවකයෝ හමුවෙති.

2012 ජනවාරි 18 බදාදා- පස්වරු 04:24
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති අතර තවත් සාකච්ඡාවක් අද (18) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ විදුලිබල මණ්ඩල සේවක වැටුප් සංශෝධනය පිළිබඳ එහිදී අවධානය යොමු කෙරුණු බවයි. මෙම සාකච්ඡාවට විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙන්ම මෛති‍්‍රපාල සිරිසේන සහ මහින්දානන්ද අලූත්ගමගේ යන  අමාත්‍යවරුන් ද එක්ව සිටියා. නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, භාණ්ඩාගාර ලේකම් පී.බි. ජයසුන්දර, විදුලිබල අමාත්‍යංශ ලේකම් එම්.සී.සී.ප‍්‍රදිනන්දු ද සහභාගී වී සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප‍්‍රකාශ කළේ. අදාළ සාකච්ඡාවට ජාතික සේවක සංගමය නියෝජනය කරමින් එක් වූ එහි සමුළු ලේකම් ජේ. වීරසේකර, එහිදී අවධානය යොමු වූ කරුණු සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූවා. ඔහු කියා සිටියේ සියයට 25 වැටුප් වැඩිවීම වෙනුවට සියයට 30 ක වැටුප් වැඩිවීමක් විදුලි සේවකයන්ට ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක්  කළ බවයි.


February 6, 2011  12:36 pm
Bookmark and Share
ඇඹිලිපිටිය නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසළ උපවාසයේ යෙදී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අද(06) දහවල් සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඊයේ සිට ආරම්භ කරන ලද මෙම උපවාසයෙන් තමන්ට කිසිදු පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව එම මන්ත්‍රීවරුන් පවසයි.

මෙම උපවාසයට හේතු වී ඇත්තේ මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී මෙම මන්ත්‍රීවරුන්ගේ නම් ඉවත් කිරීමයි.

මෙම සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් හෙට දිනයේ දී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවයි.


 

 

කලාශිල්පීන් ඇගයීම ජාතික වගකීමක්

2011/09/31  

නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර


’කලාශිල්පීන් යනු රටක ජාතික උරුමයන්ට අයත් වැදගත් කොටසක් බවත්, දළදා පෙරහර සබරගමු පෙරහර, කතරගම පෙරහර, වැනි සංස්කෘතික උරුමයන් රැක ගැනීමේ විශාල පරිශ්‍රමයක් දරන්නේ කලාශිල්පීන් බවත්, ඔවුන් ඇගයීමට ලක්කිරීම ජාතික වගකීමක් මෙන්ම යුතුකමක් බවත්, විදුලිබල නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා සඳහන් කළේය.
නිවිතිගල ප්‍රාදේශීය ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ මූලිකත්වයෙන් හා සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව සංවිධානය කළ නිවිතිගල ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය අමතමින් ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.
1956 එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් විසින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමෙන් පසු අද දක්වා සෑම රජයක් විසින් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුව අභිවෘද්ධියට ලක් වූ බව ද, පෙන්වා දුන් ඇමැතිවරයා කියා සිටියේ නිවිතිගල ප්‍රදේශයේ නිර්මාණශීලි කලාශිල්පීන් විශාල පිරිසක් සිටින බවත්, ඔවුන් ඒකරාශි කරගනිමින් ඇගයීමට හා සම්මානයට පාත්‍ර කිරීම සඳහා ප්‍රා. ලේ. කාර්යාලය දරන උත්සාහය ප්‍රශංසාවට ලක් කළයුතු බවයි. ඇමැති ටී. බී. ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ඉදිරියේදී අංගසම්පූර්ණ රංග ශාලාවක් නිවිතිගල ප්‍රදේශයට ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.
නිවිතිගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් හඟරංගල සුමේධ හිමි - ඉරිදා හා පොහොය දිනයන්හි ටියුෂන් පංති නතර කිරීමට මහ ඇමැතිවරයා හා ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා කළත් එය සාර්ථක නොවූ බවයි. ටියුෂන් ගුරුවරුන් බොහෝ දෙනෙක් ඉරිදාට හා පොහොය දිනට ටියුෂන් පංති නතර කිරීමට කැමැති වුවත් ඇතැම් කිහිප දෙනකුගේ නොමනා හැසිරීම නිසා අකමැති පංති නතරකිරීම කැමති පිරිසක් දැනට පංති පවත්වන බවයි.
කෙසේ වෙතත් තමා සමඟ බොහෝ ටියුෂන් ගුරුවරුන් අමනාපයෙන් පසුවන බවද උන්වහන්සේ පැවසුවේය. මේ සාහිත්‍ය උළෙලේ දී සාහිත්‍ය නිර්මාණකරුවන් විශාල පිරිසක් හා කලාකරුවන් මාධ්‍යවේදීන් දොළොස් දෙනකු උපහාර ලැබීය. සිළුමිණ හිටපු කර්තෘ සුජීව දිසානායක මහතා ඇතුළු විද්වත්හු විශේෂ දේශන පැවැත් වූහ.
ප්‍රදේශයේ දරු දැරියන් විසින් ඉදිරිපත් කළ නර්තන කලා අංග මඟින් සංස්කෘතික උළෙල උත්කර්ශවත් විය.

විදුලිබල මණ්ඩලයේ එස් 5 සම්මාන ප්‍රදානය හෙට 

2011 සැප්තැම්බර් 29 

ලංකා විදුලිබල මණ්ඩලය මගින් ප්‍රථම වරට පවත්වනු ලබන එස්5 සම්මාන ප්‍රදානෝත්සවය හෙට (30) පෙ.ව 9.00ට බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වෙන බව එම අමාත්‍යාංශය අප වෙබ් අඩවියට දැනුම් දෙයි.
මෙම සම්මාන ප්‍රදානෝත්සවය විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක හා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

දිවි නැගුම වැඩපිළිවෙලට සමගාමීව මගේ බිම නමින් ගෙවතු වගා වැඩපිළිවෙලක් සබරගමුවෙන් ආරම්භ වේ. (2011.10.27)
ජාතික සවිය දිවිනැගුම වැඩසටහන අනුව යමින් මගේ බිම නමින් ගෙවතු සංවර්ධන වැඩපිළිවෙලක් සබරගමුව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේද සහාය ඇතිව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ.

රසායනික පෙහොර පලිබෝධ භාවිතයෙන් තොර ස්වභාවික බවභෝග ගෙවත්තේම රෝපණය කරමින් ස්වයංපෝෂිත ගෘහ ඒකක සඳහා මෙම වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගෙවතු දෙලොස්දහසක් සංවර්ධනය කිරීමට අපේක්ෂිතය.

මෙම වැඩසටහනේ සමාරම්භක පියවර ඉකුත් 25 වැනිදා නිවිතිගල මැතිවරණ කොට්ඨාශයේ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී ආරම්භ විය. පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යන රාජ්‍ය සහ පළාත් රාජ්‍ය ආයතනවල අනුග්‍රහය යටතේ තෝරා ගත් වැඩපිළිවෙලට ඇතුලත් ගොවි මහත්ම මහත්මීන්ට රෝපන ද්‍රව්‍ය කෘෂි උපකරන ඇතුළු සම්පත් රැසක් බෙදාදීම ඇලපාත මහා විද්‍යාලයේ පැවති උත්සවයකදි සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා අතින් සිදු විය.

මෙම අවස්ථාවට විදුලි බල නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් ඉඩම් හා කෘෂිකර්ම ඇමති ශ්‍රී ලාල් වික්‍රමසිංහ, පළාත් සභා මන්ත්‍රී රම්‍ය කුමාර වීරසිංහ යන මහත්වරුද සහභාගී වූහ.

 ජනතාවට ලාබදායී ලෙස විදුලිය
ලියන ලද්දේ Editor   
2010 අගෝස්තු 05 වෙනි බ්‍රහස්පතින්දා, 20:53
HE_Vidulka_exhibition
පරිසර හිතකාමී ලෙස විදුලිබලය නිෂ්පාදනයට පමණක් නොව පාරිභෝගික ජනතාවට ලාබදායී ලෙස විදුලිය ලබාදීමේ වැඩපිළිවෙලට රජය ක‍්‍රමානුකූලව අවතීර්ණ වී ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
සෑම නිවසකටම විදුලිය ලබාදීමේ ඉලක්කය පසු පස රජය වේගයෙන් ගමන් අරඹා ඇති බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

‘විදුල්කා’, ජාතික බලශක්ති සම්මාන ප‍්‍රදානය, බලශක්ති ප‍්‍රදර්ශනය සහ සම්මන්ත‍්‍රණය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ආරම්භ වූ අතර එහිදි ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ ය.
බලශක්ති අර්බුදය හෙට දවසේ අප මුහුණ දෙන විශාල සමාජ ආර්ථික ගැටළුවක් බව වටහා ගනිමින්, ඒ පිළිබඳව ජන සමාජයේ අවධානය යොමු කරමින්, තිරසාර බලශක්ති පරිහරණයකට ජනතාව යොමුකරලීම උදෙසා ප‍්‍රථම වරට රාජ්‍ය ආයතනයක් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මෙයෙවීමෙන් ශී‍්‍ර ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් මෙම ප‍්‍රදර්ශනය පවත්වනු ලබයි.
මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පරිසර හිතකාමී මාවත්වලට රට යොමු කිරීමේ වගකීම රජය හඳුනාගෙන ඇති බවයි. එසේම බලශක්ති කළමණාකරණ කි‍්‍රයාමාර්ග තුළ රට තුළ නිෂ්පාදන දිරි ගැන්වීමටත්, පරිසර හිතකාමී නිපයුම් සම්බන්ධ පණිවිඩය ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත ලබාදීමටත් අවස්ථාව සැළසෙනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අනාගත අර්බුදවලින් රට බේරාගැනීමට ද මෙම පරිසර හිතකාමී සැළසුම් ඉවහල් වනු ඇති බව ද වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
රාජ්‍ය මෙන් ම පෞද්ගලික අංශය තුළ බලශක්ති කළමණාකරනයේ යෙදුනු පුද්ගලයන් මෙන්ම ආයතන වෙත සම්මාන ප‍්‍රදානය ද මෙහිදි ජනාධිපතිතුමා අතින් සිදු විය.
HE_Vidulka_exhibition_1
විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී ප‍්‍රදීනාන්දු මහතා ඇතුළු නිලධාරින් ද එයට එක් ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

2011/07/11

අපරාධකරු අල්ලන්නැයි උද්ඝෝෂණ

ප්‍රදීප් ප්‍රසන්න, ඕපනායක - ජයලත් එම්. විමලසේන සහ කහවත්ත - කේ. ඩී. ප්‍රේමසිරි

කහවත්ත සහ අවට ප්‍රදේශවල පසුගියදා සිදුවූ කාන්තා මිනීමැරුම්වලට අදාළ අපරාධකරු වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් වර්තමානයේ සිදුවන භූත සහ අවතාර භීතියටත්, සොරකම් හා බියගැන්වීම් වලටත් අදාළ අපරාධකරු සොයන ලෙසත් බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්‌ ඊයේ (05 දා) කහවත්ත නගර මධ්‍යයේදී පැය හයක පමණ කාලයක්‌ තුළ පැවැත්විණි.

අටදහසකට අධික පිරිසක්‌ විරෝධතාවට එක්‌ව සිටියහ. මිනීපෙට්‌ටියක්‌ද පාර මැද තබා තිබිණි. ටයර් පුළුස්‌සමින් තිබිණි. මෙහිදී කහවත්ත පොලිසිය කෙරෙහි වැඩි විරෝධතාවක්‌ එල්ල විය. සවස එම ස්‌ථානයට රාජ්‍ය පරිපාලන සහ ස්‌වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා ද පැමිණියේය. ඔහු උද්ඝෝෂණකරුවන් ඇමතීය. කඩිනමින් යුද හමුදාව සහ විශේෂ කාර්ය බළකාය යොදා ප්‍රදේශයේ සාමය රැකීමට කටයුතු කරන බවත් අපරාධ රැල්ලට අදාළ සැකකරුවන් සොයාගැනීමට විශේෂ වැඩපිළිවෙළක්‌ දියත් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව උද්ඝෝෂණකරුවෝ විසිර ගියහ.

පැය හතරක පමණ කාලයක්‌ ඇඹිලිපිටිය - පැල්මඩුල්ල මාර්ගයේ වාහන ගමනාගමනය නතර වී තිබිණි. මෙහිදී කහවත්ත පොලිසිය සහ විරෝධතාකරුවන් අතර බහින්බස්‌ වීම්ද සිදුවූ අතර විශේෂ කාර්ය බළකාය සමග විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාද තත්ත්වය සන්සුන් කිරීමට මැදිහත්ව සිටියේය.



විදුලිය වෙනුවෙන් සමන් දෙවියන් යදී.
2011 ජූලි 07 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:50
ජලවිදුලි බලාගාර ආශි‍්‍රත ප‍්‍රදේශවලට වර්ෂාව ලබාදෙන ලෙස ඉල්ලමින් සිදුකළ විශේෂ පූජාවක් මාඋස්සාකැලේ සුමන සමන් දේවාලයේදී පැවැත්වුණා. පිරිත් සජ්ජායනයෙන් අනතුරුව කාසල්රී සහ මාඋස්සාකැලේ ජලාශවලින් ගෙන එන ලද පැන්වලින්, සමන් දේවාලයේ බෝ සමිඳුන් දෝවනය කළ අතර අනතුරුව එම ජලය ජලාශවලට මුදාහැරුණා. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර......



නඩත්තු කටයුතු හේතුවෙන් පමණක් විදුලිබලය විසන්ධි කෙරෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

ඉදිරි තෙවසර තුල විදුලිබිල පහත හෙලීමට රජයෙන් ප‍්‍රතිඥා.
Thursday, 15 December 2011 12:09
ඉදිරි තෙවසර තුල විදුලිබිල පහත හෙලීමට රජයෙන් ප‍්‍රතිඥා.
අයවැය කාරකසභා අවස්ථා විවාදයේ 12 වන දිනය අදයි.

ප‍්‍රවාහන අමාත්‍යාංශය හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයන් සදහා වන වැය ශීර්ෂයන් අද විවාදයට ගැනෙනවා.

මේ අතර ඉදිරි වසර 3 හෝ 4 තුල විදුලිබිල පහත හෙලීමට කටයුතු කරන බව රජය පවසනවා.

විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර මහතා පැවසුවේ අඩු පිරිවැයක් දරමින් විදුලිය නිෂ්පාදනය කිරීම සදහා වන නව ක‍්‍රම කිහිපයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක මන්ත‍්‍රීවරයා නැගූ පැනයකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කලා.

ඒ අනුව ඉදිරියේ දී අඩු මිලට විදුලිය ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවනු ඇති.

එමෙන්ම විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබාදීම සම්බන්ධයෙන් ද මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

වෘත්තීය සමිති සමග ද ඒ පිලිබද සාකච්ඡා කර ඇති බවයි අමාත්‍යවරයා  වැඩිදුරටත් කියා සිටියේ.
 

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ පළාත් මාර්ග
කිලෝමීටර් 275 ක්‌ කාපට්‌ කරයි


රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ රත්නපුර, ඇහැලියගොඩ, නිවිතිගල, කලවාන, කොලොන්න, රක්‌වාන, පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයන්හි ව්‍යාපෘති 66 ක්‌ යටතේ පළාත් මාර්ග කිලෝමීටර් 275 ක්‌ කාපට්‌ කිරීමේ කටයුතු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසින් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) දින ආරම්භ වේ.
මෙම පළාත් මාර්ග කාපට්‌ කිරීමේ ව්‍යාපෘතිය සඳහා මුදල් ප්‍රතිපාදන සපයනු ලබන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගිනි. බදුල්ල, කුරුණෑගල, පුත්තලම සහ නුවර යන දිස්‌ත්‍රික්‌කයන්හි පළාත් මාර්ග සංවර්ධන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන අතර ඉතිරි සියලු දිස්‌ත්‍රික්‌කයන්හි පළාත් මාර්ග කාපට්‌ කිරීමේ ව්‍යාපෘති ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කිරීමට සියලු කටයුතු සැළසුම් කර තිබේ. දිවයින පුරා පළාත් මාර්ග සංවර්ධනය වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ රුපියල් මිලියන 22000 ක්‌ වෙන්කර ඇත. ඒ යටතේ දිවයිනේ මාර්ග කිලෝමීටර් 3740 ක්‌ කාපට්‌ කිරීමට නියමිතය. මෙම සියලු කටයුතු මේ වසර අවසන් කිරීමට පෙර නිමකරන ලෙස අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් උපදෙස්‌ දී තිබේ. මෙතරම් මාර්ග ප්‍රමාණයක්‌ එකවර ප්‍රතිසංස්‌කරණය කෙරෙන හා කාපට්‌ කෙරෙන ප්‍රථම අවස්‌ථාව මෙය බව ද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කියයි. අද ආරම්භ වන රත්නපුර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කොළොන්න ආසනයේ 99 ගඟේයාය මාර්ගය, නිවිතිගල ආසනයේ කරවිට සිට හංගමුව හරහා කොටුමුල්ල මාර්ගය, කලවාන ආසනයේ පහළ ගලතුර ඔරලෝසු කණුවේ සිට පරණ ගම්සභා පර මැද ගලතුර දක්‌වා මාර්ගය, රත්නපුර ආසනයේ කුරුවිට පහත්ගම ගොරකඇල්ල මාර්ගය යන මාර්ග කාපට්‌ අතුරා සංවර්ධනය කිරීමට නියමිතයි. මෙම අවස්‌ථාවට රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනවිරත්න, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, විදුලිබල හා බලශක්‌ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, රත්නපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජානක වක්‌කුඹුර, සනි රෝහණ කොඩිතුවක්‌කු, පළාත් අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ යන මහත්වරු ඇතුළු පිරිසක්‌ සහභාගිවීමට නියමිතයි. ශ්‍යාම්

රන් කුසලාන වොලිබෝල් ජාතික මට්ටමේ තරග 28-29 දිනවල කහවත්තේ දී

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ, ජාතික මට්ටමේ තරග රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ සහයෝගයෙන් මෙම 28 වැනි දින පෙ.ව. 9.00 ට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කහවත්ත මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.ජනවාරි මස 28 සහ 29 යන දෙදින පුරා තරග පැවැත්වේ.
මෙම තරගාවලියේ මූලික වටයේ ජයග්‍රහණය කර දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත් පිරිමි සහ කාන්තා කණ්ඩායම් ජාතික මට්ටමේ තරග සඳහා සුදුසුකම් ලබා ඇත. ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික් 25 ම නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 25 ක් සහ කාන්තා කණ්ඩායම් 25 ක් මෙහිදී තරග බිමට පිවිසීමට නියමිතය.
ජාතික මට්ටමේ තරගවලට සුදුසුකම් ලැබූ වොලිබෝල් කණ්ඩායම් 50 සඳහාම ඔවුන්ගේ දක්ෂතා අගයමින් මුදල් ත්‍යාග සහ සහතික පත් ලබාදීමට හා තරගාවලිය පුරා විශේෂාංග රැසක් එක් කිරීමට රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය කටයුතු සංවිධානය කර ඇත.

“මෙගාවොටට් 1.5ක ධාරිතාවයකින් යුත් කොකාවිට කුඩා පරිමාණ ජලවිදුලි බලාගාරයට මුල්ගල තැබේ”
Posted on September 27th, 2011

මාධ්‍ය අංශය – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය 

මුළු දිවයිනම ආවරණය වන පරිද්දෙන් වසර 2012 වන විට විදුලියනය 100%ක් බවට පත්කිරීමේ අභියෝගය යථාර්තයක් බවට පත්කිරීමට ප්‍රාදේශීය වශයෙන් ඉදිකරනු ලබන කුඩා පරිමාණ ජල විදුලි බලාගාරයන් ඉතා විශාල දායකත්වයක් ලබාදේ. සබරගමුව පළාතට අයත් කලවාන ප්‍රදේශයේ මෙගා වොට් 1.5ක ධාරිතාවක් උත්පාදනය කළ හැකි කොකාවිට කුඩා පරිමාණ ජල විදුලි බලාගාරයට මුල්ගල තැබීම විෂයබාර අමාත්‍යවරයා අතින් පසුගියදා සිදුකෙරිණි.

මෙම අවස්ථාවට සහභාගී වූ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා……
තව වසර 40කින් පමණ ඉන්ධන වල අවසන් වීමක් පෙන්නුම් කරනවා. තෙල් නැති ලෝකයක පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනයක් ඇතිකළ යුතුයි. ජෛව ස්කන්ධ, සුළං, සුර්ය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්, අනාගත ලෝකයේ බලශක්ති ස්ථාවරභාවය වෙනුවෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරනවා. ඒ වෙනුවෙන් අපි අපේ පරිසරය ආරක්ෂා කරගත යුතු වෙනවා. පරිසරය රැකගත්තොත් බලශක්තියෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහිකරගන්න අපට හැකි වෙනවා  අතිගරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව යමින් 2020දී මූලික විදුලි සැපයුමෙන් 20%ක ප්‍රතිශතයක් පුනර්ජනනීය බලශක්තිය තුළින් ලබාගැනීමයි අපේ අරමුණ. 

රත්නපුර දිස්ත්‍රික්කයේ කළවාන කොඩිප්පිලි කන්ද විදුලි යෝජනා ක්‍රමය විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතින් ජනතා අයතියට පැවරීමද මෙයට සමගාමීව සිදු කෙරිණි’. මෙම විදුලි යෝජනා ක්‍රමය අධිසැර රැහැන්මග කිලෝමීටර 3.6කින්ද අඩුසැර රැහැන් මග කිලෝමීටර 3.9 කින්ද සමන්විත වන අතර කොඩිප්පිලිකන්ද විදුලි යෝජනා ක්‍රමය මගින් ප්‍රේදශයේ 250කට පමණ සෙත සැලසෙනු ඇතැයි අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. සැමට විදුලිය ව්‍යාපෘතිය යටතේ විදුලමු ලංකා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කළ විදුලි  යෝජනා ක්‍රමය සඳහා රු.මිලියන 16ක් පමණ වැයවී තිබේ.

මෙම අවස්ථාව සඳහා විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක යන මහත්වරුන් ඇතුළු ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

විදුලිබල මණ්ඩලය දැන් නව ජවයකින් නැඟී සිටිනවා

විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර
විදුලිබල මණ්ඩලය මේ වෙන විට පාඩු ලබන තත්ත්වයෙන් මුදවා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඒ අනුව කටයුතු කරමින් සිටින බවත් රටේ සංවර්ධනය වෙනුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම රටේ ජනතාවගේ වගකීම බවත් විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි. නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුයේ ‘සිළුමිණ’ සමඟ පැවැති සංවාදයකදීය. එහිදී නියෝජ්‍ය ඇමැතිවරයාට යොමු කළ ප්‍රශ්න සහ ලැබුණු පිළිතුරු මෙසේ ය.
* කාලයක පටන් පාඩු ලබන ආයතනයක් ලෙස හැඳින්වූ විදුලිබල මණ්ඩලයේ වත්මන් තත්ත්වය කෙබඳු ද?
මේ වෙනවිට විදුලිබල මණ්ඩලය නව ජවයකින් යුතුව නැගිටිමින් සිටිනවා. මණ්ඩලය පාඩු ලැබීමට හේතු සොයා බලා ඊට අමතරව මණ්ඩලයට මුදල් නොගෙවා සිටි ආයතනවලින් මුදල් අය කර ගැනීම ආරම්භ කර තිබෙනවා. ඒ වගේ ම මන්ද ගාමීව තිබූ විදුලි ව්‍යාපෘති වේගයෙන් සිදු කරමින් පවතිනවා. ඉදිරියේදී තෙල් මගින් විදුලිය නිපදවීම අඩු කොට ජල විදුලිය සහ සුළං වැනි පුනර්ජනනීය විදුලි උත්පාදන කටයුතු කෙරෙහි වැඩි වශයෙන් යොමු වීමට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. විදුලිය හොරෙන් ගැනීම වැළැක්වීමට සහ එවැනි වැටලීම් කිරීමට කටයුතු කොට තිබෙනවා. ඒ නිසා මණ්ඩලයේ පාඩු අවම කිරීමට වැඩසටහන් රැසක් සාර්ථකව දැන් ක්‍රියාත්මක කෙරෙනවා.
* විදුලිබල මණ්ඩලයට වැඩි වශයෙන් ම අලාභ සිදු වෙන්නේ කුමන ආකාරයට ද?
2009 වසරේ විදුලි බල මණ්ඩලයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 463 යි. විදුලි උත්පාදනය වෙනුවෙන් පමණක් රුපියල් බිලියන 321 ක් ගෙන තිබෙනවා. 2008 වසරේ වියදම්වලින් සියයට 74 ක් ම වැය කළේ තෙල් සහ පෞද්ගලික බලාගාර වෙනුවෙන්. මණ්ඩලයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 119 යි. ඉන් සියයට 75 ක් ම කොන්ත්‍රාත් කරුවන්ට වැය කෙරෙනවා. වාර්ෂික වියදම බිලියන 159 යි. වාර්ෂිකව බිලියන 40 ක හිඟයක් තිබෙනවා.
නිපදවන විදුලි ඒකකයක් බෙදා හැරීමට රුපියල් 17 යි ශත 51 ක් වැය වෙනවා. නමුත් මණ්ඩලය එක් ඒකකයක් ජනතාවට ලබා දෙන්නේ රුපියල් 13 කට. අඩු ආදායම් ලාභීන්ට විදුලි ඒකකයක් ලබාදෙන්නේ රුපියල් 4 ක් වැනි මුදලකට. ඒ වගේ ම තමයි විදුලිය හොරෙන් ලබා ගැනීම සිදු වෙනවා. විශේෂයෙන් ම නැඟෙනහිර පළාතේ එය වැඩියි. ඊට අමතරව ඇතැම් උදවියගේ දූෂණ සහ අක්‍රමිකතා නිසා තමයි මණ්ඩලයට පාඩු සිදු වුණේ.
* විදුලිය නොමැති අඩු ආදායම්ලාභී පවුල් වෙත විදුලිය ලබා දීමට තිබෙන වැඩපිළිවෙල කුමක්ද?
ඒ වෙනුවෙන් විදුලි අත්වැල නම් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. පසුගියදා ඒ වෙනුවෙන් විදුලිබල මණ්ඩලය සහ සමෘද්ධි අධිකාරිය ගිවිසුමකට එළඹුණා. එමගින් අඩු ආදායම්ලාභී පවුලක් වෙත විදුලිය ලබාදීමට රුපියල් 30,000 උපරිමයකට යටත්ව ණය ලබා දෙනවා. සමෘද්ධිලාභී නොවන අඩු ආදායම්ලාභීන්ටත් එම ණය මුදල ලබා ගත හැකියි. අනවසර පදිංචි කරුවන් හැර බලපත්‍රලාභී ඉඩම් හිමියන්ට සහ ඉඩම් ඔප්පු ඇති උදවියට මේ ණය මුදල ලබා ගත හැකියි.
* උතුරු නැඟෙනහිර ජනතාවට විදුලිය ලබා දීමට ගෙන ඇති පියවර මොනවාද?
මේ වෙනවිට වවුනියාව, කිලිනොච්චිය හරහා යාපනය චුන්නාක්කම් දක්වා විදුලි සම්ප්‍රේෂණ කටයුතු කරගෙන යමින් පවතිනවා. ඒ අනුව දකුණේ විදුලි පද්ධතිය ඊට සම්බන්ධ කෙරෙනවා.
ඊටත් අමතරව චීන ආධාර මත විදුලි ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. වවුනියාව චුන්නාක්කම් විදුලි සම්ප්‍රේෂණ මාර්ගය කිලෝමීටර් 141 ක් පුරා විහිදෙනවා. ඒ සඳහා ජයිකා සහ ආසියානු සංවර්ධන බැංකු ආධාර මත රුපියල් මිලියන 6376 ක් වැය කෙරෙනවා. ඊට අමතරව මුලතිව් දිසාවේ විදුලිය ලබා දීමට රුපියල් මිලියන 1703 ක් සහ මාන්කුලම් ඔඩ්ඩුසුඩාන් හරහා මුලතිව් වෙත ඒ 34 මාර්ගයේ විදුලිය ගෙන යාමට කිලෝමීටර් 50 ක් සඳහා රුපියල් මිලියන 110 ක් වැය කෙරෙනවා.
ඒ වගේ ම ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් සෑම ප්‍රදේශයකම නිවෙස් වෙත සහ පූජනීය ස්ථාන වෙත නොමිලේ විදුලිය සැපයෙනවා. එම ජනතාවගේ පවුලේ ආර්ථිකය ශක්තිමත් වෙන තුරු එම විදුලි බිල රජය ගෙවනවා. වසර තුනකදී මුළු උතුරු ප්‍රදේශයට සම්පූර්ණයෙන් විදුලිය සැපයීම තමයි රජයේ අරමුණ.
* විදුලි බල මණ්ඩලය ලාභ ලබන තැනට පත් කිරීමට තිබෙන වැඩපිළිවෙළ කුමක්ද?
නොරච්චෝලේ ගල් අගුරු බලාගාරය ඉදි වෙමින් තිබෙනවා. එය විවෘත කිරීමට ආසන්නයි. ඒ වගේ ම ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉදි ;කරෙනවා. ඊටත් අමතරව ජාතික විදුලි පද්ධතියට විදුලිය නිපදවිය හැකි ස්ථාන අප හඳුනාගෙන තිබෙනවා.
මුහුදු රළ මඟින් විදුලිය නිපදවීම ආදිය ගැන දැනට අවශ්‍ය ශාක්‍යතා වාර්තා සකසා තිබෙනවා.
ඒ ආකාරයට විදුලිය නිපදවීමට යන වියදම අඩුකර ගැනීමෙන් පාඩු අවම කර ගත හැකියි. ලාභ එක්වරම ලබා ගත නොහැකියි.
ඒ වගේ ම තමයි ඉදිරියේදී විදුලි බිල අඩු කිරීමත් අපගේ එක් බලාපොරොත්තුවක්. නමුත් එය අද හෙටම කළ නොහැකි දෙයක්.
* ඒ කියන්නේ අනාගතයේදී නිසැකවම විදුලි බිල අඩු කර ගත හැකි වේවිද?
මා සහ අපේ පාඨලී චම්පික ඇමැතිතුමා මේ අමාත්‍යාංශය බාරගෙන තවම මාස 7 යි ගෙවුණේ. ඒ නිසා තව මාස 6,7 කින් විදුලි බිල අඩු කළ නොහැකියි. මේ ආයතනයට වසර 20 ක් පමණ පාඩු ලැබූ ආයතනයක්. ඒ නිසා තවත් වසර තුන හතරකින් අපට පාරිභෝගිකයාගේ විදුලි බිල අඩු කළ හැකි වේවි.
විදුලි ඒකක 90 ඉක්මවන සෑම අවස්ථාවකදීම ඉන් පසු විදුලි ඒකකයකට සියයට 8 ක අමතර මුදලක් අය කිරීමට මෙවර අය වැය මගින් යෝජනා කර තිබෙනවා.
අපේ රටේ විදුලිය අනවශ්‍ය ආකාරයට පාරිභෝගිකයන් පාවිච්චි කරනවා. විශේෂයෙන් ම අනවශ්‍ය අවස්ථාවල විදුලි බුබුළු, විදුලි පංකා සහ වායු සමීකරණ යන්ත්‍ර භාවිතා කෙරෙනවා. ඇතැම් කාර්යාලවල පවා එය සිදුවෙනවා. ඒ නිසා අපේ සාමාන්‍ය ජනතාව රටට ආදරය කරනවා නම් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කළ යුතුයි. ඒ නිසා විදුලිය භාවිතය සීමා කිරිම සඳහා තමයි නව ක්‍රමය හඳුන්වා දීමට අප සූදානම් වෙන්නේ.
* විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කිරීම ගැන ජනතාවගේ තිබෙන අවබෝධය ප්‍රමාණවත් නැහැ නේද?
පැහැදිලිවම ජනතාව විදුලිය අරපිරිමැස්ම ගැන කල්පනා කරන්නේ නැහැ. රටට ආදරය කරනවා නම් රටේ සංවර්ධනය, තම දරුවන්ගේ අනාගත යහපත ගැන සිතනවා නම් ජනතාවට ඒ වෙනුවෙන් යුතුකමක් ඉටු කිරීමට තිබෙනවා.
එනම් රටට විදුලිය ඉතිරි කර දීමයි. විදුලිය අපතේ යන්නේ නැහැ කියන්නේ ඉතිරි වෙන විදුලිය ප්‍රමාණය රටේ සංවර්ධනය උදෙසා වන ව්‍යාපාරවලට යෙදවිය හැකි වෙනවා.
ඒ වගේ ම ජනතාව වෙනුවෙන් යම් පිරිවැයක් දරන විදුලිබල මණ්ඩලයට කරන ලොකු උදව්වක්. ඒ නිසා මණ්ඩලයේ පාඩු අවම කර ගැනීමට විදුලිය අරපරිස්සමෙන් ජනතාව පාවිච්චි කිරීමත් වැදගත් වෙනවා.
ඒ සඳහා සහාය ලබාදෙන ලෙස රටට ආදරය කරන සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා.
* 2012 වසරේදී සැමට විදුලිය ලබා දීම රජයේ අපේක්ෂාවයි. එම ඉලක්කය ජය ගත හැකිද?
කළුවරට එළිය ලබාගැනීමට පමණක් නෙමෙයි විදුලිය වැදගත් වෙන්නේ. රටක සංවර්ධනයට ඒ රටේ කර්මාන්ත දියුණු විය යුතුයි. ඒ සඳහා විදුලිය අත්‍යාවශ්‍යයි.
මේ වනවිට මා දිස්ත්‍රික්ක ගණනාවකට ගොස් විදුලිය නොමැති ප්‍රදේශ පිළිබඳව වාර්තා ලබාගෙන තිබෙනවා.
දිස්ත්‍රික්ක කීපයකටම චීන ආධාර ලැබීමට නියමිතයි. තවත් දිස්ත්‍රික්ක කීපයකට ඉරාන රජයේ ආධාර ලැබෙනවා.
ඇතැම් ප්‍රදේශ පවතිනවා වසරේ වැඩිම කාලයක් වර්ෂාව පවතින ප්‍රදේශ එවැනි ප්‍රදේශවල කොන්ත්‍රාත්කරුවන් විදුලිය ලබා දීමේ දී යම් ප්‍රමාදයක් පවතිනවා. එය වෙනස් කිරීමටත් අප කටයුතු කරමින් සිටිනවා.
* විදුලිබල මණ්ඩලය යටතේ පවතින මිනිස් බළකාය පසුගියදා උද්ඝෝෂණයක් සිදු කළා. ඔවුන්ට සහනයක් ලැබෙනවාද?
විදුලිබල මණ්ඩලය වගේ ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත් දෛනික වැටුපට සේවකයන් බඳවා ගෙන තිබෙනවා. නමුත් ඔවුන්ගේ සේවය ස්ථිර කළ යුතුය කියා නියමයක් නැහැ.
විදුලිබල මණ්ඩලයේ කාඩරයට එනම් සේවා අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය පිරිසේ හිඟයකදී පමණයි මිනිස් බළකායේ උදවිය ස්ථිර කරනු ලබන්නේ. ඒ නිසා ස්ථිර කරන ලෙස බලපෑම් කලාට ඉන් පලක් වන්නේ නැහැ.

සංවාද සටහන


ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ උමං මාර්ගය ජනාධිපති අතින් විවෘත කළ අයුරු.
 
ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ කිලෝ මීටර් 12.9 ක දිගින් යුත් උමං මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඊයේ (04) විවෘත කෙරිණි. ජනාධිපතිතුමන් එම උමං මග නිරීක්‍ෂණය කළ අයුරුයි මේ. පාඨලී චම්පික රණවක, එස්. තොණ්ඩමාන්, සී. බී. රත්නායක යන ඇමැතිවරු ද මුත්තු සිවලිංගම්, ප්‍රේමලාල් ජයසේකර නියෝජ්‍ය ඇමැතිවරු ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මහ ඇමැති සරත් ඒකනායක, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කුනියෝ ටකහාෂි මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.
ඡායාරූපය - සුදත් සිල්වා


ඉදිරි දශකයේ දී විදුලිබල ක්‍ෂේත්‍රය ලාභ ලබන තත්ත්වයට පත්කරනවා

ප්‍රේමලාල් ජයසේකර - විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය
* හදිසි නීති රෙගුලාසි ලිහිල් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය චෝදනා කරනවා බටහිර රටවල බලපෑම් නිසා ජී. එස්. පි (GSP) + ලබාගන්න කළ කුමන්ත්‍රණයක් කියලා මේ සම්බන්ධව ඔබේ අදහස කුමක් ද?
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජය කවදාවත් විදේශ රටවලට උවමනා විදිහට මේ රටේ තීන්දු තීරණ ගත්තේ් නැහැ. දශක තුනක් පුරා මේ රටේ පැවති යුද්ධය නිසා හදිසි නීතිය ක්‍රියාත්මක වුණා. එම නිසා බොහොමයක් ජනතාව පීඩා වින්දා. නමුත් දැන් යුද්ධය මේ රටේ නැහැ. එක පාරට ම තිබූ තත්ත්වය වෙනස් කරන්න බැහැ. ක්‍රමිකව රට සාමකාමී ස්ථාවරයකට පත්ව ආරක්ෂාව ගැන සැකයක් නැති වූ වහාම හදිසි නීතිය සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට රජය තීරණය කරලා තිබෙන්නේ.
විපක්ෂය හැමදාම කළේ රජය මොන දේ කළත් විවේචනය කරන එකයි. හදිසි නීතිය තියෙද් දී ඔවුන් කිව්වේ හදිසි නීතිය ඉවත් කරන්න කියලා. හදිසි නීතියේ නීති රෙගුලාසි ඉවත් කළා ම කියනවා බටහිර රටවලට උවමනාව අනුව රජය වැනෙනවා කියලා.
පහුගිය මහ මැතිවරණ සමයේ දී තමන් ගේ ආසනයවත් තමන් ගේ දිස්ත්‍රික්කවත් දිනාගන්න බැරි එජාපය අද විවිධ සටන් පාඨ මවන්න හදනවා. ඒවාට ජනතාව රැවටෙන්නේ නැහැ. ඉදිරියේ දී අපි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය අරගෙන මේ රට සැබෑ ආර්ථික සමාජීය සංවර්ධනය කරා ගෙන යනවා. මේ රටට වැඩක් කරන මේ රටේ අනාගතය පිළිබඳ සිතන සියලු දෙනා ම අද රජය සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා.
* කැබිනට් ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු අනූවක් පමණ දැන් රජයේ ඉන්නවා. තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලය ලබාගන්න තව හය දෙනෙක් විපක්ෂයෙන් ආණ්ඩුවට ගත යුතුව තිබෙනවා. එවිට ජනාධිපතිතුමා ලබාදුන් කැබිනට් එක හතලිහේ සීමාවේ පොරොන්දුව කඩවනවා නේද?
මහ මැතිවරණයේ දී ජනාධිපතිතුමා කියූ විදිහට ඇමැතිවරු හතලිහට සීමා කරන පොරොන්දුව ඉටුකරලා තිබෙනවා. එම නිසා තුනෙන් දෙක ලබාගන්න විපක්ෂයෙන් රජයට පැමිණියත් ඇමැති තනතුරු ප්‍රමාණය වෙනස් වෙන එකක් නැහැ කියන එකයි මගේ හැඟීම. අපේ රජය මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වෙද්දී ජනතාවට පොරොන්දුවක් දුන්නා මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගෙන මේ ව්‍යවස්ථාව සංශෝධනය කරලා ජනතාවට හිතකර රටට හිතකර ව්‍යවස්ථාවක් ගොඩනගනවා කියලා.
ඒක විශ්වාස කරලා ජනතාව මැතිවරණ ඉතිහාසයේ පක්ෂයක් ලබාගත් වැඩි ම ආසන ගණන එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙවර ලබා දුන්නා. අපි කවුරුත් දන්නවා මේ මැතිවරණ ක්‍රමයේ තිබෙන දුර්වලතා මොනවාද කියලා. තමන් ගේ ගමට, ප්‍රදේශයට වැඩ කරන කෙනාට වඩා මැතිවරණය සඳහා සල්ලි විසිකරන කෙනා පාර්ලිමේන්තුවට යනවා.
පාර්ලිමේන්තුවට යන්න විශාල තරගයක් තිබෙනවා. මේ මනාප පොරය නිසා එක ම පක්ෂයේ උදවිය අතර තරග අමනාපකම් ඇතිවෙලා වෛරීය දේශපාලනයක් ඇතිවෙලා. ඒක නිසා කොට්ඨාස ක්‍රමය නැවත ගෙන ඒම ඉතාම වැදගත් වෙනවා. ඒ පිළිබඳ මහින්ද චින්තනයේත් සඳහන් වෙනවා. අපි නැවත ඒ ක්‍රමය ගෙනැවිත් මේ රටට ගැලපෙන නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගනවා.
* කැබිනට් ඇමතිධූර හතලිස් එකකට සීමා වෙද්දී පක්ෂයේ සමහර ජ්‍යෙෂ්ඨයන්ට අසාධාරණයක් වුණා කියලා ආරංචි පැතිරෙනවා. ඒ පිළිබඳ ඔබ ගේ අදහස කුමක් ද?
මා හිතන්නේ නැහැ අසාධාරණයක් වුණා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ම ජ්‍යෙෂ්ඨයන්ට කැබිනට් ඇමතිධූර හිමි වුණා. ඔවුන් මීට පෙර කටයුතු කළ විෂයයන්වල නොවුනත් ඔවුන්ට කැබිනට් ඇමතිධූර හමු වුණා. හැමදෙනාට ම හිටපු ඇමතිධූරයම දෙන්න ඕන කියලා නියමයක් නැහැ.
සියල්ල බලාගෙන ඉන්නේ විදුලිබල හෝ මහාමාර්ග තමන්ගේ ඇමතිධූරය ලෙස ගන්න. එහෙම කරන්න බැහැ. නමුත් එක දෙයක් කියන්න ඕන මෙවර කැබිනට් ඇමතිධූර ජනාධිපතිතුමා ලබා දී තිබෙන්නේ සුදුස්සාටයි. දැන් තිබෙන්නේ මේ නිදහස් රට ආර්ථික හා සමාජීය සංවර්ධනයක් කරා ගෙනයාමට. තමන්ට ලැබුණු අමාත්‍යංශ මගින් කැපවීමෙන් වැඩ කළ යුතුයි. එවිට මේ රට ආසියාවේ ආශ්චර්ය කිරීමට හැකියාව තිබෙනවා.
* මේ වසර සඳහා රජය අයවැයක් ඉදිරිපත් කළේ නැහැ. අතුරු සම්මත ගිණුමක් පමණයි ඉදිරිපත් කළේ. නමුත් ඒ අතුරු සම්මත ගිණුම පසුගිය අප්‍රේල් 30 වෙනිදායින් අවසන් වුණා. එහෙම තියෙද් දී ඉදිරි මාස කිහිපය තුළ ආයතන නඩත්තුව කෙළෙස ද කරන්නේ?
පසුගිය වසරේ දී අයවැයක් ගෙනාවේ නැත්තේ මේ වසරේ පත්වන ආණ්ඩුව කෙබඳුද කියල දන්නේ් නැති නිසායි. නමුත් දැන් රජයට අති බහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ ලැබී තිබෙනවා. එම නිසා ඉදිරි මාස කිහිපය සඳහා මිනි අයවැයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරනවා.
එමගින් ආයතනික නඩත්තු වියදම දැරීමට පුළුවන්. මේ වසරේ නොවැම්බර් මාසයේ දී පුරුදු පරිදි අයවැය පාර්ලිමේන්තුවට ගෙනැල්ලා ඉදිරි වසර කිහිපය තුළ මේ රටේ සංවර්ධනය වේගවත් කිරීමට කටයුතු කරනවා.
* මේ දිනවල එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සංධානය පිළිබඳ මිතුදමක් පෙනෙන්නට තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙළෙස ද?
පහුගිය මහ මැතිවරණයෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකයා ඇතුළු සමස්ත මන්ත්‍රීවරුන්ට ආරාධනා කළා රජය සමඟ එකතු වී රට ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන්න කියලා. දැන් කිසිදු පාට, පක්ෂ භේදයක් නැතුව මේ රට ගොඩනගන්න තමයි ජනතාව මේ තරම් විශාල ජන වරමක් දීලා තිබෙන්නේ. ඒක නිසා අප සියලු දෙනා එකට එක් ව වැඩ කළ යුතුයි.
එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර යම් යම් කරුණුවලින් සමානතා තිබෙනවා. යම් යම් අසමානතා ද තිබෙනවා. අපිට විපක්ෂයේ තිබෙන සමානතා එකතු කරගෙන මේ ගමන යන්න පුළුවන්.
ජනතාව රජයට මෙවැනි දැවැන්ත ජයග්‍රහණයක් ලබා දුන්නේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ව්‍යවස්ථාව සංශෝධන කරන්නටයි. එම ව්‍යවස්ථාව අනුව මැතිවරණ ක්‍රමය, විවෘත ආර්ථිකය නිසා මේ රට අගාධයට ගෙන ගියා. දැන් එය වෙනස් කිරීමට ජනතා වරම ලබා දී තිබෙනවා. එය භාවිත කර මේ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් ගොඩනැගීමට විපක්ෂයේ ද උදව් අවශ්‍යයි. රට ලෝකයේ ආශ්චර්ය බවට පත් කිරීමට පාට පක්ෂ භේද පසෙකලා කටයුතු කළ යුතුයි.
* ඔබතුමාට ලැබිලා තිබෙන්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයයි. නමුත් ලංකා විදුලිබල මණ්ඩලය වසරකට විශාල ගණනින් පාඩු ලබනවා. ඔබ නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන් එය මගහරවා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවා ද?
විදුලිබල මණ්ඩලය පසුුගිය වසරවල විශාල වශයෙන් පාඩු ලැබුවා. මොකද පසුගිය කාලයේ පැවති යුද තත්ත්වය නිසා විදුලිය පාඩුවට හරි පාරිභෝගිකයන්ට ලබාදුන්නා. විදුලිබලය නිපදවන්න විශාල පිරිවැයක් දැරීමට සිදු වුණා. ඊට අමතරව විදුලිබල මණ්ඩලයේ නොයෙකුත් අක්‍රමිකතා ද මේ හේතුවට බලපෑවා. පසුගිය ඇමතිවරුන් විදුලිබල මණ්ඩලයට විශාල සේවක පිරිසක් බඳවාගෙන තිබෙනවා. දැන් විදුලිබල මණ්ඩලයේ සේවක අතිරික්තයක් ද තිබෙනවා. මේ තත්ත්වයත් පාඩු ලැබීමට බලපෑවා.
නමුත් අද විදුලිබල හා බලශක්ති ඇමතිවරයා ලෙස ජනාධිපතිතුමා පාඨලී චම්පික රණවක මහතා පත්කර තිබෙනවා. එතුමාට විදුලිබල ක්ෂේත්‍රය තුළ මනා අවබෝධයක් තිබෙනවා. එම නිසා එතුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත විදුලිබල මණ්ඩලය නගා සිටුවීමට විශාල වැඩකොටසක් ඉදිරි වසර පහ ඇතුළත ක්‍රියාත්මක කරනවා. විදුලිබල මණ්ඩලයේ මානව හා භෞතික සම්පත නිසි කළමණාකරණයක් කර රටේ ඉදිරි ගමනට විදුලිබල මණ්ඩලය දායක කරනවා.
* සමස්තයක් වශයෙන් ගත්විට විදුලිබල ක්‍ෂේත්‍රයේ ඉදිරි සැලසුම් මොනවා ද යන්න පැහැදිළි කළොත්?
මහින්ද චින්තනයේ සඳහන් පරිදි ‘විදුලමු ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ 2011 වන විට සැමට විදුලිය ලබා දීමට විදුලිබල අමාත්‍යංශය හැටියට අප කටයුතු කරගෙන යනවා. ඊට අමතරව අප අමාත්‍යංශය යටතේ තිබෙන සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් ස්වභාවික බලශක්තියට මුල්තැන ලබාදීමට කටයුතු කරනවා. විශේෂයෙන් පුනර්ජනනීය විදුලිය නිපදීම පිළිබඳ සොයාබලා එය ක්‍රියාවට නංවනවා.
පසුගිය කාලයේ විදුලිබල ක්ෂේත්‍රය පාඩුු ලැබීමට හේතු වුණේ ඉන්ධනවලින් විදුලිය නිපදවීමයි. ලෝක වෙළෙඳපොළේ තෙල් මිළ ඉහළ යන විට ශ්‍රී ලංකාවේ විදුලිය නිපදවන පිරිවැයත් ඉහළ ගියා. නමුත් එහි බර ජනතාවට ලබා නොදී රජය එයින් විශාල පාඩුවක් ලැබුවා. දැන් එහෙම කරන්න බැහැ. ඒක නිසා පුනර්ජනනීය බලශක්තියට හා විකල්ප බලශක්ති පිළිබඳව පිළිබඳව කඩිනම් ව සොයා බලා කටයුතු කරනවා.
ඊට අමතරව විදුලිබල කේෂ්ත්‍රයේ ප්‍රගමනය සඳහා විවිධ වැඩසටහන් ජුනි 01 වෙනිදා සිට ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා පාඨලී ඇමතිතුමා විධිමත් ක්‍රියාවලියක් සකසා තිබෙනවා. නව වානිජ ප්‍රතිපත්තියක් මෙන් ම ජනතා සැලැස්මක් ද ක්‍රියාත්මක කර ඉදිරි දශකය තුළ විදුලිබල ක්ෂේත්‍රය ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනවා. එමගින් ලෝකයේ ආශ්චර්ය බවට පත් කිරීමට දායකත්වය සැපයීමට අප අමාත්‍යංශයට ද හැකියාව තිබෙනවා.
සංවාද සටහන


උපුටා ගැනීම
2010 ක්වූ නොවැමිබර් මස 28 වැනිදා සිඵමිණ පුවත් පත

විදුලිබල මණ්ඩලය දැන් නව ජවයකින් නැඟී සිටිනවා


විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර


විදුලිබල මණ්ඩලය මේ වෙන විට පාඩු ලබන තත්ත්වයෙන් මුදවා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඒ අනුව කටයුතු කරමින් සිටින බවත් රටේ සංවර්ධනය වෙනුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම රටේ ජනතාවගේ වගකීම බවත් විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි. නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුයේ ‘සිළුමිණ’ සමඟ පැවැති සංවාදයකදීය. එහිදී නියෝජ්‍ය ඇමැතිවරයාට යොමු කළ ප්‍රශ්න සහ ලැබුණු පිළිතුරු මෙසේ ය.

* කාලයක පටන් පාඩු ලබන ආයතනයක් ලෙස හැඳින්වූ විදුලිබල මණ්ඩලයේ වත්මන් තත්ත්වය කෙබඳු ද?

මේ වෙනවිට විදුලිබල මණ්ඩලය නව ජවයකින් යුතුව නැගිටිමින් සිටිනවා. මණ්ඩලය පාඩු ලැබීමට හේතු සොයා බලා ඊට අමතරව මණ්ඩලයට මුදල් නොගෙවා සිටි ආයතනවලින් මුදල් අය කර ගැනීම ආරම්භ කර තිබෙනවා. ඒ වගේ ම මන්ද ගාමීව තිබූ විදුලි ව්‍යාපෘති වේගයෙන් සිදු කරමින් පවතිනවා. ඉදිරියේදී තෙල් මගින් විදුලිය නිපදවීම අඩු කොට ජල විදුලිය සහ සුළං වැනි පුනර්ජනනීය විදුලි උත්පාදන කටයුතු කෙරෙහි වැඩි වශයෙන් යොමු වීමට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. විදුලිය හොරෙන් ගැනීම වැළැක්වීමට සහ එවැනි වැටලීම් කිරීමට කටයුතු කොට තිබෙනවා. ඒ නිසා මණ්ඩලයේ පාඩු අවම කිරීමට වැඩසටහන් රැසක් සාර්ථකව දැන් ක්‍රියාත්මක කෙරෙනවා.

* විදුලිබල මණ්ඩලයට වැඩි වශයෙන් ම අලාභ සිදු වෙන්නේ කුමන ආකාරයට ද?

2009 වසරේ විදුලි බල මණ්ඩලයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 463 යි. විදුලි උත්පාදනය වෙනුවෙන් පමණක් රුපියල් බිලියන 321 ක් ගෙන තිබෙනවා. 2008 වසරේ වියදම්වලින් සියයට 74 ක් ම වැය කළේ තෙල් සහ පෞද්ගලික බලාගාර වෙනුවෙන්. මණ්ඩලයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 119 යි. ඉන් සියයට 75 ක් ම කොන්ත්‍රාත් කරුවන්ට වැය කෙරෙනවා. වාර්ෂික වියදම බිලියන 159 යි. වාර්ෂිකව බිලියන 40 ක හිඟයක් තිබෙනවා. 
නිපදවන විදුලි ඒකකයක් බෙදා හැරීමට රුපියල් 17 යි ශත 51 ක් වැය වෙනවා. නමුත් මණ්ඩලය එක් ඒකකයක් ජනතාවට ලබා දෙන්නේ රුපියල් 13 කට. අඩු ආදායම් ලාභීන්ට විදුලි ඒකකයක් ලබාදෙන්නේ රුපියල් 4 ක් වැනි මුදලකට. ඒ වගේ ම තමයි විදුලිය හොරෙන් ලබා ගැනීම සිදු වෙනවා. විශේෂයෙන් ම නැඟෙනහිර පළාතේ එය වැඩියි. ඊට අමතරව ඇතැම් උදවියගේ දූෂණ සහ අක්‍රමිකතා නිසා තමයි මණ්ඩලයට පාඩු සිදු වුණේ.

* විදුලිය නොමැති අඩු ආදායම්ලාභී පවුල් වෙත විදුලිය ලබා දීමට තිබෙන වැඩපිළිවෙල කුමක්ද?

ඒ වෙනුවෙන් විදුලි අත්වැල නම් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. පසුගියදා ඒ වෙනුවෙන් විදුලිබල මණ්ඩලය සහ සමෘද්ධි අධිකාරිය ගිවිසුමකට එළඹුණා. එමගින් අඩු ආදායම්ලාභී පවුලක් වෙත විදුලිය ලබාදීමට රුපියල් 30,000 උපරිමයකට යටත්ව ණය ලබා දෙනවා. සමෘද්ධිලාභී නොවන අඩු ආදායම්ලාභීන්ටත් එම ණය මුදල ලබා ගත හැකියි. අනවසර පදිංචි කරුවන් හැර බලපත්‍රලාභී ඉඩම් හිමියන්ට සහ ඉඩම් ඔප්පු ඇති උදවියට මේ ණය මුදල ලබා ගත හැකියි.

* උතුරු නැඟෙනහිර ජනතාවට විදුලිය ලබා දීමට ගෙන ඇති පියවර මොනවාද?

මේ වෙනවිට වවුනියාව, කිලිනොච්චිය හරහා යාපනය චුන්නාක්කම් දක්වා විදුලි සම්ප්‍රේෂණ කටයුතු කරගෙන යමින් පවතිනවා. ඒ අනුව දකුණේ විදුලි පද්ධතිය ඊට සම්බන්ධ කෙරෙනවා. 
ඊටත් අමතරව චීන ආධාර මත විදුලි ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. වවුනියාව චුන්නාක්කම් විදුලි සම්ප්‍රේෂණ මාර්ගය කිලෝමීටර් 141 ක් පුරා විහිදෙනවා. ඒ සඳහා ජයිකා සහ ආසියානු සංවර්ධන බැංකු ආධාර මත රුපියල් මිලියන 6376 ක් වැය කෙරෙනවා. ඊට අමතරව මුලතිව් දිසාවේ විදුලිය ලබා දීමට රුපියල් මිලියන 1703 ක් සහ මාන්කුලම් ඔඩ්ඩුසුඩාන් හරහා මුලතිව් වෙත ඒ 34 මාර්ගයේ විදුලිය ගෙන යාමට කිලෝමීටර් 50 ක් සඳහා රුපියල් මිලියන 110 ක් වැය කෙරෙනවා. 
ඒ වගේ ම ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් සෑම ප්‍රදේශයකම නිවෙස් වෙත සහ පූජනීය ස්ථාන වෙත නොමිලේ විදුලිය සැපයෙනවා. එම ජනතාවගේ පවුලේ ආර්ථිකය ශක්තිමත් වෙන තුරු එම විදුලි බිල රජය ගෙවනවා. වසර තුනකදී මුළු උතුරු ප්‍රදේශයට සම්පූර්ණයෙන් විදුලිය සැපයීම තමයි රජයේ අරමුණ.

* විදුලි බල මණ්ඩලය ලාභ ලබන තැනට පත් කිරීමට තිබෙන වැඩපිළිවෙළ කුමක්ද?

නොරච්චෝලේ ගල් අගුරු බලාගාරය ඉදි වෙමින් තිබෙනවා. එය විවෘත කිරීමට ආසන්නයි. ඒ වගේ ම ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉදි ;කරෙනවා. ඊටත් අමතරව ජාතික විදුලි පද්ධතියට විදුලිය නිපදවිය හැකි ස්ථාන අප හඳුනාගෙන තිබෙනවා. 
මුහුදු රළ මඟින් විදුලිය නිපදවීම ආදිය ගැන දැනට අවශ්‍ය ශාක්‍යතා වාර්තා සකසා තිබෙනවා. 
ඒ ආකාරයට විදුලිය නිපදවීමට යන වියදම අඩුකර ගැනීමෙන් පාඩු අවම කර ගත හැකියි. ලාභ එක්වරම ලබා ගත නොහැකියි.
ඒ වගේ ම තමයි ඉදිරියේදී විදුලි බිල අඩු කිරීමත් අපගේ එක් බලාපොරොත්තුවක්. නමුත් එය අද හෙටම කළ නොහැකි දෙයක්.

* ඒ කියන්නේ අනාගතයේදී නිසැකවම විදුලි බිල අඩු කර ගත හැකි වේවිද?

මා සහ අපේ පාඨලී චම්පික ඇමැතිතුමා මේ අමාත්‍යාංශය බාරගෙන තවම මාස 7 යි ගෙවුණේ. ඒ නිසා තව මාස 6,7 කින් විදුලි බිල අඩු කළ නොහැකියි. මේ ආයතනයට වසර 20 ක් පමණ පාඩු ලැබූ ආයතනයක්. ඒ නිසා තවත් වසර තුන හතරකින් අපට පාරිභෝගිකයාගේ විදුලි බිල අඩු කළ හැකි වේවි.
විදුලි ඒකක 90 ඉක්මවන සෑම අවස්ථාවකදීම ඉන් පසු විදුලි ඒකකයකට සියයට 8 ක අමතර මුදලක් අය කිරීමට මෙවර අය වැය මගින් යෝජනා කර තිබෙනවා. 
අපේ රටේ විදුලිය අනවශ්‍ය ආකාරයට පාරිභෝගිකයන් පාවිච්චි කරනවා. විශේෂයෙන් ම අනවශ්‍ය අවස්ථාවල විදුලි බුබුළු, විදුලි පංකා සහ වායු සමීකරණ යන්ත්‍ර භාවිතා කෙරෙනවා. ඇතැම් කාර්යාලවල පවා එය සිදුවෙනවා. ඒ නිසා අපේ සාමාන්‍ය ජනතාව රටට ආදරය කරනවා නම් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කළ යුතුයි. ඒ නිසා විදුලිය භාවිතය සීමා කිරිම සඳහා තමයි නව ක්‍රමය හඳුන්වා දීමට අප සූදානම් වෙන්නේ.

* විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කිරීම ගැන ජනතාවගේ තිබෙන අවබෝධය ප්‍රමාණවත් නැහැ නේද?

පැහැදිලිවම ජනතාව විදුලිය අරපිරිමැස්ම ගැන කල්පනා කරන්නේ නැහැ. රටට ආදරය කරනවා නම් රටේ සංවර්ධනය, තම දරුවන්ගේ අනාගත යහපත ගැන සිතනවා නම් ජනතාවට ඒ වෙනුවෙන් යුතුකමක් ඉටු කිරීමට තිබෙනවා. 
එනම් රටට විදුලිය ඉතිරි කර දීමයි. විදුලිය අපතේ යන්නේ නැහැ කියන්නේ ඉතිරි වෙන විදුලිය ප්‍රමාණය රටේ සංවර්ධනය උදෙසා වන ව්‍යාපාරවලට යෙදවිය හැකි වෙනවා. 
ඒ වගේ ම ජනතාව වෙනුවෙන් යම් පිරිවැයක් දරන විදුලිබල මණ්ඩලයට කරන ලොකු උදව්වක්. ඒ නිසා මණ්ඩලයේ පාඩු අවම කර ගැනීමට විදුලිය අරපරිස්සමෙන් ජනතාව පාවිච්චි කිරීමත් වැදගත් වෙනවා. 
ඒ සඳහා සහාය ලබාදෙන ලෙස රටට ආදරය කරන සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා.

* 2012 වසරේදී සැමට විදුලිය ලබා දීම රජයේ අපේක්ෂාවයි. එම ඉලක්කය ජය ගත හැකිද?

කළුවරට එළිය ලබාගැනීමට පමණක් නෙමෙයි විදුලිය වැදගත් වෙන්නේ. රටක සංවර්ධනයට ඒ රටේ කර්මාන්ත දියුණු විය යුතුයි. ඒ සඳහා විදුලිය අත්‍යාවශ්‍යයි. 
මේ වනවිට මා දිස්ත්‍රික්ක ගණනාවකට ගොස් විදුලිය නොමැති ප්‍රදේශ පිළිබඳව වාර්තා ලබාගෙන තිබෙනවා. 
දිස්ත්‍රික්ක කීපයකටම චීන ආධාර ලැබීමට නියමිතයි. තවත් දිස්ත්‍රික්ක කීපයකට ඉරාන රජයේ ආධාර ලැබෙනවා. 
ඇතැම් ප්‍රදේශ පවතිනවා වසරේ වැඩිම කාලයක් වර්ෂාව පවතින ප්‍රදේශ එවැනි ප්‍රදේශවල කොන්ත්‍රාත්කරුවන් විදුලිය ලබා දීමේ දී යම් ප්‍රමාදයක් පවතිනවා. එය වෙනස් කිරීමටත් අප කටයුතු කරමින් සිටිනවා.

* විදුලිබල මණ්ඩලය යටතේ පවතින මිනිස් බළකාය පසුගියදා උද්ඝෝෂණයක් සිදු කළා. ඔවුන්ට සහනයක් ලැබෙනවාද?

විදුලිබල මණ්ඩලය වගේ ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත් දෛනික වැටුපට සේවකයන් බඳවා ගෙන තිබෙනවා. නමුත් ඔවුන්ගේ සේවය ස්ථිර කළ යුතුය කියා නියමයක් නැහැ. 
විදුලිබල මණ්ඩලයේ කාඩරයට එනම් සේවා අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය පිරිසේ හිඟයකදී පමණයි මිනිස් බළකායේ උදවිය ස්ථිර කරනු ලබන්නේ. ඒ නිසා ස්ථිර කරන ලෙස බලපෑම් කලාට ඉන් පලක් වන්නේ නැහැ.

සංවාද සටහන
චන්දන බණ්ඩාර


“බලශක්ති දැක්ම හා සම්මන්ත්‍රණය  2010”.
“විදුල්කා” ජාතික බලශක්ති කාර්යක්‍ෂමතා සම්මාන ප්‍රදානය සහ “බලශක්ති දැක්ම හා සම්මන්ත්‍රණය - 2010” විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (3) පස්වරුවේ සිදු කෙරිණි. බලශක්ති සංරක්‍ෂණ ක්‍රියාදාමයේදී අනගි මෙහෙවරක් ඉටු කළ ‘බ්‍රැන්ඩික්ස්’ සමූහයේ අධ්‍යක්‍ෂ අස්ලම් ඕමාර් මහතා වෙත ජනාධිපතිවරයා රන් සම්මානය පිරිනැමූ අවස්ථාව. විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර, අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. සී. ප්‍රදිනාන්දු මහත්වරු ද මෙහි වෙති.

ඡායාරූපය - සුදත් මලවීර
2010/09/17

ජාතික විදුලි බල නිෂ්පාදනයේ පියාවන ඩි.ජේ විමලසුරෙන්ද්‍ර මැතිදුන් සිරිලක විදුලිබල උත්පාදනයේ පුරෝගාමියායි. ඔහුගේ 136වන ගුණ සමරුව අදට යෙදි තිබෙනවා. විදුලි බල අමාත්‍ය පඨලි චම්පික රණවක මහතාගේ හා විදුලිබල නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ලංකා විදුලි බල මණඩලයේ ප්‍රධාන කාර්යාලයේදි සැමරුම් උත්සවය පැවැත්වේ. 

රත්නපුර දිසාවේ "තුරු සවිය" නිවිතිගලින් ඇරඹේ...

2010-08-17
රත්නපුර දිසාවේ
(17.08.2010)     කුඩා රබර් වතු  වගාකරුවන්ගේ වගා කටයුතු සඳහා ප්‍රතිලාභ ලබා දී ඔවුන් ආර්ථීක වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන "තුරු සවිය වැඩ සටහන" රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත කිරීම අගෝස්තු මස 16  වන දින නිවිතිගල ආසනයෙන් ඇරඹීමට නියමිතයි.                        





ඒ අනුව මෙම මස 16 දින පෙ.ව. 9.00 ට කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද ප.ව. 1.00 ට නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද ඇලපොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ප.ව. 3.00 ට ද කුඩා රබර් වතු වගාකරුවන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ හා තුරු සවිය අරමුදලට එම වගා කරුවන් බඳවා ගැනීම ද සිදු කරන බව විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි. 
මේ වන විට නිවිතිගල ආසනයේ කුඩා රබර් ඉඩම් හිමියන් 6651 සිටින අතර, රබර් අක්කර 8913 ක ඔවුන් සිය රබර් වගා කටයුතු කරගෙන යනු ලැබේ. 
තුරු සවිය අරමුදලේ සභාපති නිහාල් ක්‍රීට් දිසානායක මහතා පවසන පරිදි මෙම කුඩා රබර් ඉඩම් හිමියන් සංවිධානගත කොට ඔවුන්ට  එම වැඩ කටුයතු සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම, දුම් ගෙවල්, විවිධ ණය හා රක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම, අලෙවි සැල් ඉදි කිරීම වැනි විවිධ සහනදායී වැඩ සටහන් මෙම තුරු සවිය වැඩ සටහන යටතේ ක්‍රියාත්මක කිරීම මෙහිදී සිදු කිරීමට නියමිතය.




09.07.2010)    
රත්නපුර දිස්ත්‍රික්කයේ අඩු වෝල්ටීයතා විදුලිය වැඩි දියුණු කිරීමේ කඩිනම් ව්‍යාපෘතියක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇත.
තුන්ලක්ෂ හැටහය දහසක් (3,66,000) පමණ වන රත්නපුර විදුලි පාරිභෝගිකයින්ගෙන් සියයට විස්සකට (20%) පමණ ලැඛෙන්නේ අඩු  වෝල්ටීයතාවයෙන් යුක්ත විදුලියයි. රත්නපුර දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගික සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යෑමද මෙම අඩු වෝල්ටීයතාවයෙන් යුක්ත විදුලිය ලැබීමට හේතු වී ඇත.

මේ තත්වය හේතු කොටගෙන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් විශාල අපහසුතා වලට මුහුණ දී තිබේ. රාත්‍රී කාලයේ ප්‍රමාණවත් තරම් ආලෝකයක් නොලැබීම නිසා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු  කරගෙන යාමට දැඩි බාධා එල්ල වී ඇත. මේ සම්බන්ධව නිරන්තරයෙන් ලැඛෙන මහජන පැමිණිලි සැලකිල්ලට ගෙන අඩු වෝල්ටීයතාවය වැඩි දියුණු කිරීමේ කඩිනම් ව්‍යාපෘතියක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබේ.

එකලා විදුලි රැහැන් මාර්ග තෙකලා විදුලි සැපයුම් මාර්ග බවට සංවර්ධනය කර අඩු වෝල්ටීයතා වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙලක් ද මේ සමග ක්‍රියාත්මක බව විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි. මෙම කඩිනම් වැඩපිළිවෙල තුළින් රත්නපුර දිස්ත්‍රික්කයේ අඩු වෝල්ටීයතාවයෙන් යුත් විදුලි බලය ඇති ප්‍රදේශ 5% පමණ මේ වසර තුළදී පූර්ණ වෝල්ටීයතා තත්වයට පත්කර ගත හැකිවනු ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.



48 වන මිහින්තලා පොසොන් ආලෝක පූජාව විවෘත කළ අවස්ථාව


විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මිහින්තලේ පොසොන් ආලෝක පූජාව ඉකුත් 24 වෙනිදා සවස විවෘත කළ අවස්ථාව. මේ අවස්ථාවට මිහින්තලා විහාරාධිකාරි වලවාහැංගුවවැවේ ධම්මරතන හිමියෝ සහ ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, අනුරාධපුර මහ දිසාපති එච්.එම්.කේ. හේරත්, ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, නීති අධ්‍යක්ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර, සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහත්වරු ඇතුළු ලේක්හවුස් ආයතනයේ නිලධාරීහු රැසක් සහභාගි වූහ.

රත්නපුර දිසාවේ "තුරු සවිය" නිවිතිගලින් ඇරඹේ...

2010-08-13
රත්නපුර දිසාවේ
(13.08.2010)     කුඩා රබර් වතු  වගාකරුවන්ගේ වගා කටයුතු සඳහා ප්‍රතිලාභ ලබා දී ඔවුන් ආර්ථීක වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන "තුරු සවිය වැඩ සටහන" රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත කිරීම අගෝස්තු මස 16  වන දින නිවිතිගල ආසනයෙන් ඇරඹීමට නියමිතයි.
ඒ අනුව මෙම මස 16 දින පෙ.ව. 9.00 ට කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද ප.ව. 1.00 ට නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද ඇලපොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ප.ව. 3.00 ට ද කුඩා රබර් වතු වගාකරුවන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ හා තුරු සවිය අරමුදලට එම වගා කරුවන් බඳවා ගැනීම ද සිදු කරන බව විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.
මේ වන විට නිවිතිගල ආසනයේ කුඩා රබර් ඉඩම් හිමියන් 6651 සිටින අතර, රබර් අක්කර 8913 ක ඔවුන් සිය රබර් වගා කටයුතු කරගෙන යනු ලැබේ.
තුරු සවිය අරමුදලේ සභාපති නිහාල් ක්‍රීට් දිසානායක මහතා පවසන පරිදි මෙම කුඩා රබර් ඉඩම් හිමියන් සංවිධානගත කොට ඔවුන්ට  එම වැඩ කටුයතු සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම, දුම් ගෙවල්, විවිධ ණය හා රක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම, අලෙවි සැල් ඉදි කිරීම වැනි විවිධ සහනදායී වැඩ සටහන් මෙම තුරු සවිය වැඩ සටහන යටතේ ක්‍රියාත්මක කිරීම මෙහිදී සිදු කිරීමට නියමිතය. (චමරි)