මිණිපුරයට ජය කැන්දන ප්‍රේමලාල් ජයසේකර අංක 13 විදුලි බල හා බලශක්ති නි.අමාත්‍ය ගරු ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා සාදරයෙන් පිලිගනිමු

පළාත් පාලනයෙන් ජාතික දේශපාලනයට

   රත්නපුර ඇලෝසියස් විදුහලින් සහ සීවලී විදුහලින් අධ්‍යාපනය ලැබූ ජයසේකර මහතා ශිෂ්‍ය අවධියේ සිටම පොදු ජනතාව අතර ජනප්‍රිය තරුණ නායකයෙක් බවට පත් විය.  පාසල් වියේ සිටම දක්ෂ ක්‍රීඩකයකු වූ ප්‍රේමලාල් ජයසේකර මහතා මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් පුරෝගාමී නායකත්වයක් දෙමින් සිටියි. දැනට රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකටි සංගමයේ සභාපති ධුරය දරමින් ක්‍රිකටි ක්‍රීඩාවේදියුණුව සදහා විශාලමෙහෙවරක් ඉටු කර ඇත. ප්‍රාදේශීය ලේකමි කොටිඨාශ මටිටමින් ක්‍රීඩා උපකරණ බෙදාදීමට එතුමා පියවර ගත්තේ ගැමි දරුවන් ක්‍රීඩා අංශය ඉහළට ගැනීම සදහා තම සිත තුළ පැවති නිඒතමානී අපේන්ෂාව පෙරදැරි කරගෙනය. 1997 පැවති ප්‍රාදේශීය සභා      මැතිවරණයේ දී
වැඩිම මනාප ලබා ගනිමින් නිවිතිගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බවට පත්වූයේ ඒ අනුවය. ප්‍රාදේශීය සභවෙන් විශිෂ්ට පොදු ජන මෙහෙවරක්  ඉටු කර ඒ අත් දැකීම් ඔස්සේ වසර 2001 දී රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී 2004 මැතිවරණයෙන් නැවතත් මැතිසබයට තේරී පත්වූ ඒ මහතා සන්ධාන රජයේ මහවැලි ගංගාධාර සහ රජ රට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද ඉන් අනතුරුව ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද 2007 දී ග්‍රමීය කර්මාන්ත කැබිනටි නොවන අමාත්‍යවරයා ලෙස පත් වී පරිණත දේශපාලන නායකයකු බවට පත් විය.